'සෝචි' හිම ක්‍රීඩා විරෝධතාවලට එරෙහි තහනම ඉවතට

අවසාන යාවත්කාලීන කිරීම :  2014 ජනවාරි 4 සෙනසුරාදා - 16:56 GMT

අයිස් හොකි ක්‍රීඩාංගනයක්

ඔලිම්පික් හිම ක්‍රීඩා සහ ආබාධිත පුද්ගලයන්ගේ හිම ක්‍රීඩා පැවැත්වෙන සෝචි නගරයේ විරෝධතා පැවැත්වීමට එරෙහිව පනවා තිබූ තහනම ඉවත් කෙරේ.

තමන් විසින් පනවා තිබූ තහනම ඉවත් කර ගන්නා බව රුසියානු ජනාධිපති ව්ලදිමීර් පූතින් විසින් නිවේදනය කොට තිබේ.

මේ තහනම පනවන ලද්දේ ඉකුත් වසරේ දීයි.

මේ අනුව, ලබන වසරේ දී, ඔලිම්පික් හිම ක්‍රීඩා පැවැත්වෙන නිල වශයෙන් අනුමත, කළු මුහුද ආශ්‍රිත ප්‍රදේශවල පෙළපාලි යාමට සහ රැස්වීම් පැවැත්වීමට අවසර ලැබේ.

නිදහස් අදහස්

ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව මේ නිවේදනය පැසසුමට ලක් කරමින් ප්‍රකාශ කළේ නිදහස් අදහස් ප්‍රකාශ කිරීමට සහ හිම ක්‍රීඩා තරඟ වලට ආරක්ෂාව ලබා දෙන බවට දුන් පොරොන්දු අනුව රුසියානු ජනාධිපතිවරයා ක්‍රියා කොට ඇති බවයි.

මානව හිම්කම් සංවිධාන පනවා තිබූ මේ තහනම විවේචනයට ලක් කළහ.

ඔලිම්පික් හිම ක්‍රීඩා පැවැත්වීම නිමිත්තෙන් අත්අඩංගුවේ සිටි ප්‍රසිද්ධ පුද්ගලයන් කිහිපදෙනකුද ජනාධිපති පූතින් විසින් නිදහස් කිරීමට පියවර ගෙන තිබිණ.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.