තායි උද්ඝෝෂකයකු වෙඩි වැදී මරුට

  • 28 දෙසැම්බර් 2013

බැංකොක් නුවරදී උද්ඝෝෂකයකු වෙඩි තබා මරා දමා ඇති අතර තායිලන්තයේ දකුණු ප්‍රදේශයේ ස්ථාන කිහිපයක ඡන්ද අපේක්ෂකයන් ලියාපදිංචි කිරීමේ කටයුතු අත්හිටුවා තිබේ.

තායි බලධාරීන්ට මෙම පියවර ගැනීමට සිදු වූයේ ඡන්ද අපේක්ෂකයන් ලියාපදිංචි කැරෙන මධ්‍යස්ථාන වලට ඇතුළු විය නොහැකි වන පරිදි උද්ඝෝෂකයන් මඟ ඇවිරීමෙන් අනතුරුවයි.

සති කිහිපයක් තිස්සේ රාජ්‍ය විරෝධී උද්ඝෝෂණ දියත් වීමෙන් අනතුරුව යළි මැතිවරණයක් පැවැත්වීමට තායි අගමැතිවරිය තීරණය කළාය.

ලබන පෙබරවාරියේ පැවැත්වීමට නියමිත මෙම මැතිවරණය වර්ජනය කරන බවයි විරුද්ධ පක්ෂ පවසන්නේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර