දරුවන් නිසා ජනපතිනිය විය නොහැකි බුරුම නායිකාව

අවසාන යාවත්කාලීන කිරීම :  2013 දෙසැම්බර් 28 සෙනසුරාදා - 18:11 GMT

දරුවන් නිසා ජනපතිනිය විය නොහැකි බුරුම විපක්ෂ නායිකා අවුන් සාන් සුචි

බුරුමයේ විපක්ෂ නායිකා අවුන් සාන් සුචිට ජනාධිපති ධුරය සඳහා තරඟ වැදීමට අවසරය නො ලැබුනත් වසර 2015 දී පැවැත් වීමට නියමිත ජනාධිපතිවරණය සඳහා තරඟ වදින බව ඇගේ පක්ෂය නිවේදනය කර තිබේ.

බුරුම ව්‍යවස්ථාවට අනුව තම දරුවන්ට විදේශීය රටක පුරවැසිභාවය ඇත්නම් ඔහුට හෝ ඇයට ජනාධිපති ධුරය සඳහා තරඟ වැදිය නො හැකියි.

බුරුමයේ විපක්ෂ නායිකා අවුන් සාන් සුචි ගේ පුතුන් දෙදෙනා බ්‍රිතාන්‍ය පුරවැසියන්.

2010 දී පැවති ජනාධිපතිවරණය විපක්ෂය විසින් වර්ජනය කරනු ලැබූ නමුත් ව්‍යවස්ථා සංශෝධනයක් සිදු නො කළත් ඉදිරි ජනාධිපතිවරණයට සහභාගී වන බවයි අවුන් සාන් සුචි ගේ පක්ෂය පවසන්නේ.

වත්මන් ජනාධිපති තෙයින් සෙයින් හඳුන්වා දුන් දේශපාලන ප්‍රතිසංස්කරණ වලින් පසු බුරුමයට එරෙහිව පැවති සම්බාධක ලිහිල් විය.

වැඩි තොරතුරු සඳහා

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.