බාලි දූපතේ පිඹුරු බියක්

අවසාන යාවත්කාලීන කිරීම :  2013 දෙසැම්බර් 28 සෙනසුරාදා - 11:18 GMT

ඉන්දුනීසියාවේ බාලි සංචාරක දුපතේ ආරක්ෂක නිලධාරියකු පිඹුරෙකු විසින් මරා දමනු ලැබීමෙන් අනතුරුව එහි සිටින සංචාරකයන්ට ඉන්දුනීසියානු පොලිසිය අනතුරු අඟවා තිබේ.
පොලිසිය පවසන්නේ වෙරළාසන්නයේ පිහිටි හෝටලයක් අද්දර සිටි අඩි දොළහකට වැඩි දිගකින් යුත් මෙම පිඹුරා අල්ලා ඉවත් කිරීමට ඉහත කී පුද්ගලයා උත්සාහ කර ඇති බවයි.
එහිදී පිඹුරා ඔහුගේ ගෙල වටා දඟර ගැසීම නිසා ගෙල සිර වී ඔහු මිය ගොස් ඇත.
ඉන් පසු පිඹුරා අසල වූ පඳුරු අතරට පලා ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

සබැඳි තේමා

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.