චීනය මාඕ සේතුං සමරයි

අවසාන යාවත්කාලීන කිරීම :  2013 දෙසැම්බර් 26 බ්‍රහස්පතින්දා - 12:24 GMT

ශ්‍රව්‍ය දෘශ්‍ය වාදනය

චීන කොමියුනිස්ට් පක්ෂයේ නායකයන් මාඕ සේතුං සමාධිය කරා ගොස් උපහාරය දැක් වූ බවයි, ‘ෂින්හුවා’ රාජ්‍ය පුවත් ආයතනය වාර්තා කරන්නේ.

නරඹන්න​mp4

මෙය වාදනය කිරීම සඳහා අලුත්ම Flash Player බාගතකලයුතු අතර Java Script අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කළයුතුය

Windows player යොදාගෙන වාදනය කරන්න

මහජන චීනයේ නිර්මාතෘ මාඕ සේතුංගේ එකසිය විසි වැනි ජන්ම දිනය නිමිත්තෙන් අද,බ්‍රහස්පතින්දා චීනයෙහි විශේෂ සමරු උත්සව ක්‍රියාත්මක කෙරෙමින් පවතින බව බේජිං නගරයෙන් වාර්තා වෙයි.

චීන කොමියුනිස්ට් පක්ෂයේ නායක, ෂි ජින් පින්(Xi Jinping) ඇතුළු මුල් පෙළේ නායකයන් බේජිං අගනුවර පිහිටි මාඕ සේතුං සමාධිය කරා ගොස් උපහාරය දැක් වූ බවයි, ‘ෂින්හුවා’(Xinhua) රාජ්‍ය පුවත් ආයතනය වාර්තා කරන්නේ.

චීන කොමියුනිස්ට් පක්ෂයේ නිල පුවත්පත වන‘චයිනා ඩේලි’(China Daily) වාර්තාවක් පළ කරමින්,මාඕ සේතුං වෙනුවෙන් දැක්විය හැකි හොඳම උපහාරය ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩ පිළිවෙල දිගටම පෙරට ගෙන යාම යයි කියා සිටියි.

විවෘත ආර්ථිකය පෙරට

චීනය දැනට ක්‍රියාත්මක කරමින් සිටින ආර්ථික ප්‍රතිසංස්කරණ හඳුන්වා දෙන ලද්දේ මාඕ සේතුංගේ අභාවයෙන් පසුවයි.

මාඕ සේතුං අගය කිරීමේ දී ඔහු විසින් චීන විප්ලවයෙන් පසු කාලයෙහි හඳුන්වා දෙනු ලැබුණ මහා පිම්ම ආර්ථික වැඩ සටහන සහ චීන සංස්කෘතික විප්ලවය ඇතුළු පශ්චාත් යුද කාලීන පිළිවෙත් යල් පැන ගොස් තිබීම තේරුම් ගැනීමත් සමඟ එම පිළිවෙත් සහ දේශපාලන උරුමය සම්බන්ධයෙන් ඔහුට ඇති ණයගැති භාවය අතර සමතුලිත තත්වයක් ඇති කර ගැනීමට චීන දේශපාලනඥයන්ට සිදු වී ඇති බවයි වාර්තාකරුවන් පෙන්වා දෙන්නේ.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.