දූෂණ මැඩලීමේ නීතියට ඉන්දීය පාර්ලිමේන්තු අනුමැතිය

අවසාන යාවත්කාලීන කිරීම :  2013 දෙසැම්බර් 18 බදාදා - 11:53 GMT

දූෂණ මැඩලීමේ පනත් කෙටුම්පතක් ඉන්දියානු පාර්ලිමේන්තුවේ පහළ මන්ත්‍රී මණ්ඩලය වන ලෝක් සභාව තුළ සම්මත විය.

මෙය දීර්ඝ කාලයක් පාර්ලිමේන්තු අනුමැතිය බලාපොරොත්තු වෙමින් තිබුණ පණත් කෙටුම්පතකි.

නව පනත් කෙටුම්පතේ විධිවිධාන අනුව ස්වාධීන ඕම්බුඩ්ස්වරයකු පත් කිරීමට බලය පැවරෙන අතර, එම පදවියෙහි කාර්යය වන්නේ, දේශපාලන සහ සිවිල් සේවකයන්ට එරෙහි චෝදනා විභාග කිරීම සහ නඩු පැවරීම.

ලෝක් සභාවේ අනුමැතිය ලද නව පනත් කෙටුම්පත නීතිගත වීමට නම් එය ජනාධිපතිවරයාගේ අත්සනින් සහතික කිරීම අවශ්‍ය කෙරෙයි.

ජනාධිපති අත්සන

ඉන්දීය පාර්ලිමෙන්තුවේ පහල මණ්ඩලය;ලෝක් සභා

මෙම පනත් කෙටුම්පතට ඉන්දීය පාර්ලිමේන්තුවේ බලවත් ම දේශපාලන පක්ෂ දෙක වන කොංග්‍රස් පක්ෂයේ සහ භාරතීය ජනතා පක්ෂයේ සහයෝගය පළ වුණි.

මේ මාසය මුල දී පැවැත්වුන දිල්ලි ප්‍රාන්ත මැතිවරණයේ දී දූෂණවලට එරෙහි අලුත් දේශපාලන පක්ෂයක් ඉන්දීය දේශපාලන ලෝකයෙහි විශ්මයක් ජනිත කරමින් විශාල ජයග්‍රහණයක් ලද අතර, ඉන් අනතුරුව ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක දූෂණ වලට එරෙහි නීතියට එකමුතුව සහයෝගය දුන් බවයි වාර්තාකරුවන් පවසන්නේ.

අන්නා හෂාරේ

අන්න හෂාරේ දූෂණ වලට එරෙහි උපවාස ව්‍යාපාරය ගෙන යමින්.

ඉන්දියාව තුළ දූෂණවලට එරෙහිව උද්ඝෝෂණ ව්‍යාපාරයක් ගෙන යමින් සිටින මුල් පෙළේ ක්‍රියාධරයකු වන අන්නා හෂාරේ (Anna Hazare) ඉහත කී පනත් කෙටුම්පතට පාර්ලිමේන්තු අනුමැතිය ලැබීමෙන් පසු ඔහු යෙදී සිටි උපවාසය අත්හැර දමන ලද බවත් වාර්තා වෙයි.

අන්නා හෂාරේ මෙයින් අවුරුදු දෙකකට පෙර ගෙන ගිය තවත් උපවාසයකින් අනතුරුවයි,ඉන්දියානු බලධාරීන් දූෂණ වලට එරෙහි පනත් කෙටුම්පත සම්පාදනය කළේ.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.