ඩයනාගේ මරණයට හමුදාව සම්බන්ධ නෑ - පොලිසිය

  • 17 දෙසැම්බර් 2013
ඩයනා කුමරිය 1997 දී පැරිස් නුවරදී මිය ගියේ මෝටර් රථ අනතුරකින්

මීට වසර දහසයකට ඉහතදී වේල්සයේ කුමාරිය, ඩයනා, ඇගේ පෙම්වතා ඩොඩී අල් ෆයඩ් සමඟ ප්‍රංශයේ පැරිස් අගනුවරදී මෝටර රථ අනතුරකින් මිය යාම සම්බන්ධයෙන් එල්ල වූ අලුත් චෝදනා පරීක්ෂා කළ ලන්ඩනයේ මෙට්‍රොපොලිටන් පොලිසිය නිවේදනයක් නිකුත් කොට තිබේ.

බ්‍රිතාන්‍ය විශේෂ බලකායේ සෙබලෙක් ඔවුන්ගේ මරණයට සම්බන්ධ බවට එල්ල වන චෝදනාව සනාථ වන ආකාරයේ කිසිදු විශ්වසනීය සාක්ෂියක් තමන්ට ලැබී නැති බවයි, පොලිසිය පවසන්නේ.

විශේෂ බලකායේ වාර්තා පරීක්ෂා කිරීමට තමන්ට පෙර නොවූ විරූ අන්දමින් අවසර ලැබුණු බව පවසන පොලිසිය, සිය නිගමණයට එළැඹුණේ එම වාර්තා පරීක්ෂා කිරීමෙන් අනතුරුව බවද පවසයි.

ඩයනා කුමරිය සහ පෙම්වතා මරුමුවට නීති විරෝධී ලෙසින් මරා දැමුනේ ඔවුන්ගේ රියදුරාගේ නොසැලකිලිමත් රිය පැදවීම හේතුවෙන් බව 2008 වසරේ පවත්වන ලද පරීක්ෂණයක නිගමණය විය.