ඔබාමා කැස්ත්‍රෝට අතට අත දෙයි

අවසාන යාවත්කාලීන කිරීම :  2013 දෙසැම්බර් 10 අඟහරුවාදා - 13:35 GMT

සම්බන්ධතා පිරිහී තිබෙන රාජ්‍යයන් දෙකේ නායකයන් අතට අත දීම ඉතා දුර්ලභ සිදුවීමක්

නෙල්සන් මැන්ඩෙලා සමරු මෙහෙයේදී සිය දේශණය පැවැත්වීම පිණිස වේදිකාවට යන අතරවාරයේ, ජනාධිපති බරක් ඔබාමා කියුබාවේ නායක රාවුල් කැස්ත්‍රෝට අතට අත දුන්නේය.

අඩ සියවසකට අධික කාලයක් සම්බන්ධතා පිරිහී තිබෙන රාජ්‍යයන් දෙකේ නායකයන් අතට අත දීම ඉතා දුර්ලභ සිදුවීමක්.

1959 දී ෆිදෙල් කැස්ත්‍රෝගේ නායකත්වයෙන් දියත් වූ කියුබානු විප්ලවයෙන් අනතුරුව කියුබාවට එරෙහිව පැන වූ සම්බාධක ඇමෙරිකා එක්සත් ජනපදය මේ දක්වාම ක්‍රියාත්මක කරයි.

මැන්ඩෙලාගේ අරගලයට සහයෝගය පළ කළ බව පවසන නමුත් තමන්ගේ රටවල අන්ත දරිද්‍රත්වයට සහ අසමානතාවයන්ට අභියෝග කිරීමට අපොහොසත් වූ සහ විරුද්ධ මත නොඉවසූ නායකයන් සිය දේශණයේ දී ජනාධිපති ඔබාමා ගේ විවේචනයට ලක් විය.

වැඩි තොරතුරු සඳහා

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.