මැන්ඩෙලා සමරු මෙහෙයට දස දහස් ගණනින් රොක් වෙති

අවසාන යාවත්කාලීන කිරීම :  2013 දෙසැම්බර් 10 අඟහරුවාදා - 17:59 GMT

ශ්‍රව්‍ය දෘශ්‍ය වාදනය

ලෝක නායකයන් සිය දෙනකු පමණ සහ දස දහස් සංඛ්‍යාත දකුණු අප්‍රිකානු වාසීහු සොවෙතෝ නුවර පැවති නෙල්සන් මැන්ඩෙලා සමරු මෙහෙයට සහභාගි වෙති.

නරඹන්න​mp4

මෙය වාදනය කිරීම සඳහා අලුත්ම Flash Player බාගතකලයුතු අතර Java Script අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කළයුතුය

Windows player යොදාගෙන වාදනය කරන්න

බහු වාර්ගික දකුණු අප්‍රිකාවේ පළමු ජනාධිපති නෙල්සන් මැන්ඩෙලාට ලෝක නායකයන් අද සිය ප්‍රණාමය පුද කළහ.

ලෝක නායකයන් සිය දෙනකු පමණ සහ දස දහස් සංඛ්‍යාත දකුණු අප්‍රිකානු වාසීහු සොවෙතෝ නුවර පැවති සමරු මෙහෙයට සහභාගි වී සිටියහ.

විසි වෙනි සියවසේ අවසාන ශ්‍රේෂ්ඨ විමුක්තිදායකයා ලෙසිනුයි සමරු මෙහෙය අමතමින් කථා කල ජනාධිපති ඔබාමා මැන්ඩෙලා හඳුන්වා දුන්නේ.

සූමාට හූ හඬ

සමරු මෙහෙයට එක් වුනු මැන්ඩෙලා ගේ පවුලේ සාමාජිකයන් ඔහු විග්‍රහ කළේ සියලු දෙනාට සමානව සලකනු දැකීමට රිසි වූ නිහතමානී මිනිසකු ලෙසින්.

'විසි වෙනි සියවසේ අවසාන ශ්‍රේෂ්ඨ විමුක්තිදායකයා'

මහ සෙනඟ ජනාධිපති ඔබාමාට ප්‍රීති ඝෝෂා නැගු නමුත් ජනාධිපති සූමා කතා කිරීමට සැරසෙද්දී කිහිප වරක්ම හූ හඬ නැගිණ.

සමරු මෙහෙය අවසානයේ කතා කළ ජනාධිපති සූමා, මැන්ඩෙලා හඳුන්වා දුන්නේ දකුණු අප්‍රිකාවේ ජාතිවාදය හිස එසවීමට උත්සාහ දරුණු අවස්ථාවක ලේ වැගිරීම නතර කළ නායකයා ලෙසින්.

ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂද සමරු මෙහෙයට සහභාගි විය.

සිය දේශණය පැවැත්වීම පිණිස වේදිකාවට යන අතරවාරයේ, ජනාධිපති බරක් ඔබාමා කියුබාවේ නායක රාවුල් කැස්ත්‍රෝට අතට අත දීම, සමරු මෙහෙයේ විශේෂ අවධානයට ලක් වූ අවස්ථාවක් වූයේ, අඩ සියවසකට අධික කාලයක් සම්බන්ධතා පිරිහී තිබෙන රාජ්‍යයන් දෙකේ නායකයන් අතට අත දීම ඉතා දුර්ලභ සිදුවීමක් බැවින්.

1959 දී ෆිදෙල් කැස්ත්‍රෝගේ නායකත්වයෙන් දියත් වූ කියුබානු විප්ලවයෙන් අනතුරුව කියුබාවට එරෙහිව පැන වූ සම්බාධක ඇමෙරිකා එක්සත් ජනපදය මේ දක්වාම ක්‍රියාත්මක කරයි.

මැන්ඩෙලාගේ අරගලයට සහයෝගය පළ කළ බව පවසන නමුත් තමන්ගේ රටවල අන්ත දරිද්‍රත්වයට සහ අසමානතාවයන්ට අභියෝග කිරීමට අපොහොසත් වූ සහ විරුද්ධ මත නොඉවසූ නායකයන් සිය දේශණයේ දී ජනාධිපති ඔබාමා ගේ විවේචනයට ලක් විය.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.