තාත්තා ඉගැන් වූ හොඳම පාඩම සමාව දීම - මැන්ඩෙලා දියණිය

අවසාන යාවත්කාලීන කිරීම :  2013 දෙසැම්බර් 9 සඳුදා - 18:13 GMT

ශ්‍රව්‍ය දෘශ්‍ය වාදනය

සිය පියා තමන්ටත් ලෝකයටත් ඉගැන්වූ ශ්‍රේෂ්ඨතම පාඩම, සමාව දීමේ ශක්තිය බව නෙල්සන් මැන්ඩෙලා ගේ දෙටු දියණිය මකාසිවේ, බීබීසී ය සමඟ විශේෂ සාකච්ඡාවකට එක් වෙමින් පවසයි

නරඹන්න​mp4

මෙය වාදනය කිරීම සඳහා අලුත්ම Flash Player බාගතකලයුතු අතර Java Script අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කළයුතුය

Windows player යොදාගෙන වාදනය කරන්න

අභාවප්‍රාප්ත නෙල්සන් මැන්ඩෙලා ට අවසාන ගෞරවය දැක්වීම පිණිස දකුණු අප්‍රිකාවේ පාර්ලිමේන්තුව විශේෂ සැසිවාරයක් පැවැත්විණ.

ඒ අතරවාරයේ බීබීසී ය සමඟ අදහස් දැක් වූ ඔහුගේ වැඩිමහල් දියණිය මකාසිවේ, සිය පියා ගේ අවසාන දින කිහිපය පිලිබඳ ආවර්ජනයක යෙදුනාය.

දෙනෙත් හැර බැලීමට නොහැකි වුවත් තමන් ඔහුට කෙතරම් ආදරය කරන්නේ ද යන්න පවසන අවස්ථාවේ ඔහු එයට කන් දුන් බව තමන්ට විශ්වාස යයි ඇය කියා සිටියා.

"මම හිතන්නේ අන්තිම මොහොත දක්වාම තාත්තට අපිව ඇහුන. එතන දරුවෝ හිටිය, මුනුපුරු මිනිපිරියෝ හිටිය. ග්‍රේෂ හිටිය. අපි සේරම එතන වට වෙලා හිටිය. අන්තිමට තාත්ත නැතිවුණු බ්‍රහස්පතින්දත් අපි හැම දෙනාම මුළු දවසම ඇඳ ළඟ වට වෙලා හිටිය," යනුවෙන්ද ඇය සඳහන් කළාය.

සිය පියා සමඟ ඇතැම්විට මතභේද පැවති බව පිළි ගත් මකාසිවේ මැන්ඩෙලා, සිය හැඟීම් ප්‍රකාශ කිරීම ඔහුට ඉතා දුෂ්කර කරුණක් වූ බවද කියා සිටියාය.

අන් සියල්ලට වඩා සිය පවුලේ සාමාජිකයන් එකමුතුව සිටිනු දැකීම නෙල්සන් මැන්ඩෙලා ගේ බලාපොරොත්තුව වූ බව පවසන දෙටු දියණිය, සිය පියා තමන්ටත් ලෝකයටත් ඉගැන්වූ ශ්‍රේෂ්ඨතම පාඩම, සමාව දීමේ ශක්තිය බවද ඇය කියා සිටියාය.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.