සීඅයිඒ වෙනුවෙන් පෝලන්තයේ 'රහසිගත වධ කඳවුරක්'

අවසාන යාවත්කාලීන කිරීම :  2013 දෙසැම්බර් 3 අඟහරුවාදා - 13:40 GMT

සැකරුවන්ට වධ දෙමින් ප්‍රශ්න කිරීමට අවසර දුන් බවට බොහෝ රටවලට චෝදනා එල්ල වී තිබේ

ඇමෙරිකානු සීඅයිඒ රහස් ඔත්තු සේවය වෙනුවෙන් රහසිගත බන්ධනාගාරයක් සහ වධ කඳවුරක් පවත්වා ගෙන ගිය බවට මානව හිමිකම් පිළිබඳ යුරෝපා අධිකරණයේදී පෝලන්තයට චෝදනා එල්ල විය.

2002 වසරේදී උතුරු පෝලන්තයේ දුෂ්කර ප්‍රදේශයක පිහිටි වනාන්තරයකදී ත්‍රස්තවාදී සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමට පෝලන්ත බලධාරීන් ඇමෙරිකාවට අවසර දුන් බවට චෝදනාව විචෘත අධිකරණයේදී එල්ල වූ ප්‍රථම වතාව මෙයයි.

ගුවන්තනාමෝ බොක්කේ ඇමෙරිකානු හමුදා බන්ධනාගාරයේ රඳවා සිටින සැකරුවන් දෙදෙනකු වෙනුවෙන් පෙනී සිටින නීතිවේදීන් අධිකරණය හමුවේ කරුණු දැක්වූ අවස්ථාවේදීයි, එම චෝදනාව එල්ල කෙරුණේ.

ව්‍යාජ ලෙස මරා දමන බව අඟවමින්, මුහුණ වසා දියේ ගිල්වන බව හැඟෙන සේ ජලය වත් කරමින් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට ලිංගික අතවර කරන බව පවසමින් එහිදී සිය සේවාදායකයන් දෙදෙනාට වධ බන්ධන පණවා තිබෙන බව ඔවුහු කියා සිටියහ.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.