යේමනයේ අගනුවර යතුරු පැදි තහනම්

අවසාන යාවත්කාලීන කිරීම :  2013 දෙසැම්බර් 1 ඉරිදා - 13:03 GMT

යතුරු පැදි තහනම් දෙසැම්බර් පහළොස් වැනි දින දක්වා බල පැවැත්වේ

අගනුවර පුරා පැතිර යමින් පවතින ඝාතන මාලාවක් වැළැක්වීමේ අරමුණින් යේමනයේ බලධාරීහු සනා අගනුවර යතුරු පැදි භාවිතය තහනම් කළහ.

දෙසැම්බර් පහළොස් වැනි දින දක්වා මෙම තහනම බල පැවැත්වෙන බවයි, අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශයේ ප්‍රකාශකයෙක් කියා සිටියේ.

තහනම ප්‍රකාශයට පත් කිරීමත් සමඟම අගනුවර වීථිවලින් යතුරු පැදි අතුරුදහන් වූ බව වාර්තා වේ.

හමුදා කටයුතු පිලිබඳ විදේශීය විශේෂඥයෙක් පසුගිය සතියේ මරා දැමූ තුවක්කුරුවන් පිරිසක් යතුරු පැදිවලින් පලා ගියහ.

පසුගිය මාර්තු මාසයේ යේමනයේ අනාගතය පිලිබඳ ජාතික සංවාද සමුළුව පැවැත්වූ අවස්ථාවේදීත් මෙවැනිම තහනමක් බල පැවැත්විණ.

සබැඳි තේමා

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.