ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

බස් රියකට පහර දෙන තායිලන්ත උද්ඝෝෂකයෝ

30 නොවැම්බර් 2013 අවසාන වරට යාවත්කාලීන කළේ 13:21 GMT

තායිලන්තය පාලනයට එරෙහි උද්ඝෝෂකයෝ ආණ්ඩුවේ ආධාර කරුවන් ප්‍රවාහනය කෙරෙමින් තිබුන බස් රථයකට බැංකොක් නගරයේ දී පහර දුන්හ.

අසල පිහිටි සරසවියක ශිෂ්‍යයන් ද ඇතුළු විරෝධතා වාදීන් ගණනාවක් ඇතුළත් කණ්ඩායමක්,ගල් මුල් සහ පුටු මගින් පහර දෙමින් බස් රථයේ කවුළු කුඩු කරන ලද බවයි, බැංකොක් නගරයෙන් ලැබෙන වාර්තා මගින් පැවසෙන්නේ.

තායිලන්ත අගමැතිනි යින්ග්ලුක් ෂිනවත්ගේ(Yingluck Shinawatra) ආණ්ඩුවට හිතවත් ආධාර කරුවෝ,අසල පිහිටි ක්‍රීඩාංගනයක රැළියක් පවත්වමින් සිටි නමුත්, විපක්ෂයේ ආධාර කරුවන් සමඟ ගැටුම් ඇති වීමෙන් වැළකීමට ඔවුන් මහා මාර්ගයෙන් ඈත් ව සිටි බවත් වාර්තා වෙයි.

අගමැතිනි ෂිනවත් ගේ පාලනය පෙරලා දැමීම සඳහා ගනු ලබන උත්සාහයේ දී හෙට ඉරිදා ආණ්ඩුවේ ගොඩනැගිලි වලට සමස්ත ප්‍රහාරයක් එල්ල කරන මෙන් ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ මෙහෙයවන නායක සුතේප් තොග්සුබන් (Suthep Thaugsuban) ඉල්ලීමක් කොට ඇත.

අගමැතිවරිය ඇයගේ සහෝදරයා වන දැනට රටින් පිටමං වී සිටින හිටපු අගමැති තක්ෂින් සිනවත් විසින් මෙහෙයවනු ලබන බවයි, සුතේප් තොග්සුබන් කියා සිටින්නේ.