ග්ලාස්ගෝ හෙලිකොප්ටර අනතුරෙන් අට දෙනෙක් මරුට

අවසාන යාවත්කාලීන කිරීම :  2013 නොවැම්බර් 30 සෙනසුරාදා - 11:11 GMT

ශ්‍රව්‍ය දෘශ්‍ය වාදනය

ඊයේ රාත්‍රී ස්කොට්ලන්තයේ ග්ලාස්ගොව් නගරයේ සමාජ ශාලාවක පියස්ස තුලින් ඇතුලට පොලිස් හෙලිකොප්ටර් යානයක් කඩා වැටීමෙන් පුද්ගලයින් අට දෙනෙක් මියගොස් ඇත.

නරඹන්න​mp4

මෙය වාදනය කිරීම සඳහා අලුත්ම Flash Player බාගතකලයුතු අතර Java Script අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කළයුතුය

Windows player යොදාගෙන වාදනය කරන්න

සිකුරාදා රාත්‍රියේ ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝ නගරයේ බීර අවන්හලක් මත පොලිස් හෙලිකොප්ටර් යානයක් කඩා වැටීමෙන් පුද්ගලයින් අට දෙනෙකු මියගොස් ඇති අතර, තවත් තිස් දෙදෙනකු රෝහල් ගත කර ඇත.

ගොඩනැගිල්ල ඇතුළත සිරවී සිටි පිරිස බේරා ගැනීමට ගිනි නිවන හමුදාව මුළු රැය පුරා කටයුතු කරමින් සිටියහ .

හෙලිකොප්ටරය කඩා වැටෙන අවස්ථාවේ එකසිය විසි දෙනකු පමණ පිරිසක් ගොඩනැගිල්ල තුළ සිටි අතර,ඔවුන්ගෙන් වැඩි දෙනෙක් ඉවතට පැන ගැනීමට සමත් වී ඇත.

සිද්ධිය ඇසින්දුටුවෙක් පැවසුවේ,ගොඩනැගිල්ලට ඉහල අහසේ පියාසර කරමින් තිබූ යානය එක් වරම කඩා වැටුණු බවයි.

හෙලිකොප්ටරය කඩා වැටීමත් සමඟ විශාල ශබ්දයක් නැගුන ද, පිපිරීමක් හෝ ගිනි ගැනීමක් සිදු වී නැති බවයි වාර්තා වන්නේ. අනතුරට හේතුව තවමත් පැහැදිළි වී නැත.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.