දියණිය ඝාතනය කළ දෙමාපියන්ට ජීවිතාන්ත සිර දඬුවම්

අවසාන යාවත්කාලීන කිරීම :  2013 නොවැම්බර් 27 බදාදා - 12:34 GMT

චෝදනාවලට තමන් නිවැරදිකරුවන් බව දැරියගේ දෙමාපියෝ පැවසූහ

සිය තරුණ දියණිය සහ නේපාල ජාතික මෙහෙකරු ඝාතනය කිරීමේ චෝදනාවලට වැරදිකරුවන් වූ ඉන්දියාවේ ධනවත් යුවලකට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කෙරිණ.

එය සමස්ත ඉන්දියාව පුරා මහත් ආන්දෝලනයට ලක් වූ සිදුවීමක්.

2008 වසරේදී දා හතර හැවිරිදි සිය දියණිය මෙහෙකරු සමඟ දිල්ලි නුවර සිය නිවසේ යහන්ගතව සිටිනු දැක ඇයගේ උගුරු දණ්ඩ කපා ඝාතනය කිරීම සම්බන්ධයෙන් දන්ත වෛද්‍ය රාජේශ් තල්වාර් සහ ඔහුගේ බිරිඳ නුපූර් වැරදිකරුවන් බව ඊයේ අධිකරණය තීන්දු කළේය.

දියණිය ඝාතනය කිරීම සම්බන්ධයෙන් මුලින්ම මෙහෙකරු පිළිබඳව සැක පහල කෙරුණත්, පසුව උගුර කපා මරා දමා තිබුණු ඔහුගේ මළසිරුරද නිවසේ වහලේ තිබී හමු විය.

සිය සැමියා නිර්දෝෂී බවයි, මරා දැමුණු මෙහෙකරුගේ බිරිඳ කුම් කළා බන්ජාදේ බීබීසී යට කියා සිටියේ.

චෝදනාවලට තමන් නිවැරදිකරුවන් බව පැවසූ දැරියගේ දෙමාපියෝ, පරීක්ෂණය නිසි පරිදි මෙහෙයවූයේ නැති බවට පොලිසියට චෝදනා කළේය.

වැඩි තොරතුරු සඳහා

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.