සිදුහත් උපතේ කාල නිර්ණය අලුතින්

අවසාන යාවත්කාලීන කිරීම :  2013 නොවැම්බර් 26 අඟහරුවාදා - 18:52 GMT

ශ්‍රව්‍ය දෘශ්‍ය වාදනය

බුදුන් වහන්සේ විසු සමය පිළිබඳ ව වැදගත් තොරතුරු ලබා දෙන සොයා ගැනීමක් නේපාලයෙන්.

නරඹන්න​mp4

මෙය වාදනය කිරීම සඳහා අලුත්ම Flash Player බාගතකලයුතු අතර Java Script අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කළයුතුය

Windows player යොදාගෙන වාදනය කරන්න

බුදුන් වහන්සේ විසු සමය පිළිබඳ ව වැදගත් තොරතුරු ලබා දෙන සොයා ගැනීමක් නේපාලයෙන් වාර්තා වේ.

මේ තාක් හමු වූ පැරණිතම බෞද්ධ සිද්ධස්ථානය සේ සැලකෙන පුද බිමක් ලුම්බිණියේ මායාදේවි පුජා භූමියෙන් පුරා විද්‍යඥයින්ට හමු වී ඇත.

ලුම්බිණියේ මායාදේවි විහාරය ක්‍රිස්තු පුරව හය වෙනි ශත වර්ෂයට අයත් බව සැලකෙන අතර මෙම ස්ථානය තුල දැවයෙන් කල නිර්මාණය කල ඉදිකිරීමක සැකිල්ලක් දක්නට ලැබේ.

විහාරය සදා ඇත්තේ ගඩොලින්.

මේ ස්ථානය තුල ගසක් තිබුන බව පෙනෙන්නට තිබේ.සිදාර්ථ කුමාරෝත්පතිය ලුම්බිනියේ සල් වනයක සිදුවූ බවයි බෞද්ධ ජනප්‍රවාදයේ සදහන් වන්නේ.

මීට පෙර බොහෝ දෙනා විශ්වාස කලේ සිද්ධාර්ථ කුමාරෝත්පතිය ක්‍රිස්තු පූර්ව හතර වෙනි ශතවර්ෂයේ සිදු වූ බවයි.

එහෙත් මෙම අලුත් සොයා ගැනීමට අනුව සිද්ධාර්ථ කුමාරෝත්පත්තිය සිදුවී ඇත්තේ ඊට ශත වර්ෂ දෙකකට පෙරයි.

සිදුහත් කුමරුන් උපන් කාල වකවානුව පිළිබඳව කාලාන්තරයක් තිස්සේ වාද විවාද සිදු වෙමින් පවතින අතර ශ්‍රී ලංකාවේ බෞද්ධයින් වැඩිදෙනා විශ්වාසකරන්නේ සිදුහත් කුමරුන් ක්‍රිස්තු පූර්ව හයවෙනි සියවසේ උපත ලැබූ බවයි.

මෙම පුද බිම අයත් වන කාල වකවානුව තේරුම් කර ගැනීම සඳහා මෙහිදී හමු වූ පුරා විද්‍යාත්මක නෂ්ටාවශේෂ අතරේ තිබු වැලි සහ අඟුරු රේඩියෝ කාබන් ක්‍රමවේද සහ ආලෝකය යොදා කෙරෙන කාල නිර්ණ ක්‍රම වේද භාවිතා කොට ඇත.

මෙම පුරා විද්‍යාත්මක කැනීම සිදුකොට ඇත්තේ බ්‍රිතාන්‍යයේ ඩරම් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය රොබින් කොනින්ග්හම් ඇතුළු පුරා විද්‍යාඥයින් පිරිසක්.

මේ සඳහා දායක වී ඇත්තේ National Geographic සඟරාවයි.

මෙම අලුත් සොයා ගැනීම හේතුවෙන් බුදුන්වන්සේ ගේ උපන් බිම වඩාත් මැනවින් තේරුම් ගැනීමට ඉඩ ලැබෙන බව නේපාල ආණ්ඩුව මෙම පුජා භුමිය රැක ගැනීම සඳහා හැකි සියල්ලම කරන බව වැඩි දුරටත් කියා සිටී .

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.