අළු බඳුන;එංගලන්ත කණ්ඩායම අසීරු අඩියක

අවසාන යාවත්කාලීන කිරීම :  2013 නොවැම්බර් 22 සිකුරාදා - 12:45 GMT

අළු බදුන තරඟාවලිය උණුසුම් මුහුණුවරක් ගනිමින් පවතී.

අළු බඳුන ක්‍රිකට් තරඟාවලියේ පළමු තරඟයේ දෙවැනි දිනය නිම වුනේ එංගලන්ත කණ්ඩායම අසීරු අඩියකට පත් කරමින්.

බ්‍රිස්බේන් හි පැවැත්වෙන මෙම තරඟයේ පළමු දිනයේදී පන්දුවෙන් දස්කම් දැක් වූ එංගලන්ත කණ්ඩායම පිත්තෙන් පහර දීම අතින් විශාල පසු බෑමකට ලක් වුනේ, ඔවුන්ගේ බලාපොරොත්තු බිඳ හෙළමින්.

පළමුව පන්දුවට පහර දෙමින් සිටි ඕස්ට්‍රේලියානු කණ්ඩායම ලකුණු 295 කට සීමා කිරීමට එංගලන්ත ක්‍රීඩකයන් සමත් වුනත් පන්දුවට පහර දීමේ දී ආරම්භයේ පටන් ම අසාර්ථක තත්වයකයි පසු වුනේ.

එංගලන්ත ඉනිම ආරම්භ කරමින් පිටියට අවතීර්ණ වූ නායක ඇලිස්ටෙයාර් කුක්, ළකුණු දහතුනකට දැවී ගිය අතර, එම ඉනිමේ දී එංගලන්ත ක්‍රීඩකයකු ලබා ගත වැඩිම ළකුණු සංඛ්‍යාව හතළිහකට සීමා වුනි. එම්.ඒ.කාර්බෙරි එම වැඩිම ලකුණු හතළිහ වාර්තා කළ අතර, ඊ ලඟට වැඩිම ළකුණු සංඛ්‍යාව වූ ළකුණු තිස් දෙකක් වාර්තා කළේ පළමු ඉනිමේ දී ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ කඩුලු හයක් දවා ලූ ස්ටුවර්ට් බ්‍රෝඩ් විසිනුයි.

මැද පෙළ පිති කරුවන් බලවත් අසීරු තත්වයකට පත් කළ ඕස්ට්‍රේලියානු පන්දු යවන්නෝ එංගලන්ත කණ්ඩායම ලකුණු 136 ක් ලැබ සිටිය දී පිටියෙන් ඉවත් කිරීමට සමත් වූහ.

ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ මයිකල් ජොන්සන් ලකුණු ලකුණු හැට දෙකකට කඩුලු හතරක් දවා ලීමට සමත් විය.

සිය දෙවැනි ඉනිම සඳහා පිටියට බට ඕස්ට්‍රේලියානු කණ්ඩායම දෙවැනි දිනයේ තරඟය නිම කරන විට කිසිදු පිති කරුවකු නො දැවී ළකුණු හැට පහක් ලබා තිබුණි.

වැඩි තොරතුරු සඳහා

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.