ගුවන් යානා වැසිකිළියේ ඩොලර් දශ ලක්ෂයක රන්පොලු

අවසාන යාවත්කාලීන කිරීම :  2013 නොවැම්බර් 20 බදාදා - 17:02 GMT

රත්රන් තොගය ඩුබායි වලින් ගෙන එන්නට ඇතැයි සැලකෙයි.

කල්කටා නුවර ගුවන් තොටුපොළේ නවත්වා තිබූ ජෙට් එයාර්වේස් සමාගමට අයත් ගුවන් යානයක තිබී කිලෝග්‍රෑමයක් තරම් බරැති රන්පොලු විසි හතරක් හමු වූ බව ඉන්දියාවේ රේගු නිලධාරීහු පවසති.

ඩොලර් දස ලක්ෂයකට වැඩි වටිනාකමක් සහිත රන් පොලු විසි හතර,ආහාර සැපයීමට යොදා ගනු ලබන පෙට්ටිවල අසුරා වැසිකිළි දෙකක සඟවා තිබියදී යි හමු වී තිබෙන්නේ.

එම ජෙට් එයාර්වේස් ගුවන් නැව ඩුබායි නගරය බලා නිතරම පියාසර කරන යානයක් වන අතර, රත්රන් තොගය ඩුබායි වලින් ගෙන එන්නට ඇතැයි සැලකෙයි.

මංගල උත්සව සහ වෙනත් උත්සවවලදී රනින් තෑගි ප්‍රදානය කරන ඉන්දියාව,ලෝකයේ රත්රන් භාවිතා කරන්නන් අතර ඉදිරියෙන්ම සිටින රටක්.

ඉන්දියානු ආණ්ඩුව විසින් රත්රන් ආනයනය කිරීමේ බදු වැඩි කිරීමට මෑතදී පියවර ගත් අතර,ඉන් අනතුරුව රන් ජාවාරම වැඩි වී ඇති බවයි නිලධාරීන් පවසන්නේ.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.