කොන් කරන්න එපා - බංග්ලාදේශයේ සමලිංගිකයෝ

17 නොවැම්බර් 2013 අවසාන වරට යාවත්කාලීන කළේ 14:45 GMT

දැඩි සේ සාම්ප්‍රදායික බංග්ලාදේශයට සම ලිංගිකත්වය යන්න තහනම් වචනයක්.

Boys of Bangladesh - organisation of gay people
සමලිංගිකයන් වෙනුවෙන් උද්ඝෝෂණයේ යෙදෙන Boys of Bangladesh සංවිධානය

බ්‍රිතාන්‍ය යටත් විජිත යුගය දක්වා දිවෙන රටේ නීති අනුව සමාන ලිංගිකයන් අතර සබඳතා දස වසරක් දක්වා වන සිර දඬුවම් ලැබිය හැකි වරදක්.

සැලසුම් සහගතව සමලිංගිකයන් දණ්ඩනයට පමුණුවා ලීමක් සිදු නොවෙතත් පුළුල් සමාජය තුල ඒ පිලිබඳ කතා බහක් නැති තරම්.

එසේ වෙතත්, මේ මුස්ලිම් බහුතරයකින් සැදුම් ලත් දේශයේ තරුණ සමකාමීහු අන්තර්ජාල සමාජ මාධ්‍ය යොදා ගනිමින්, තමනට පිළිගැනුමක් ලබාගැනීම සඳහා සෙමින් සෙමින් උද්ඝෝෂණයක් ආරම්භ කරමින් සිටිති.

ඩකා අගනුවරට ගොස් ඔවුන් මුණ ගැසුණු බීබීසී වංග සේවයේ ෆර්හානා පර්වීන් කළ කතා බහ සිංහලට නැගුවේ එල්මෝ ප්‍රනාන්දු.