ඇෆ්ගනිස්තානයේ පොපි මල් අස්වැන්න දෙගුණ වෙයි

  • 13 නොවැම්බර් 2013
Opium
ඇෆ්ගනිස්තානයේ මත්ද්‍රව්‍ය ගැටලුව නිරාකරණය කිරීමට 'තවත් අවුරුදු පහළොවක්'

ඇෆ්ගනිස්තානයේ පොපි මල් අස්වැන්න දෙගුණ වී තිබෙන බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අලුත්ම වාර්තාවකින් හෙළි වෙයි.

ටොන් පන් දහස් පන් සීයක් පමණ වන මෙවර අස්වැන්න ලෝක හෙරොයින් ඉල්ලුම ඉක්මවා යා හැකි බවයි, ඇෆ්ගනිස්තානයේ කාබුල් හි එක්සත් ජාතීන්ගේ මත් ද්‍රව්‍ය සහ අපරාධ මැඩලීමේ කාර්යාංශයේ ප්‍රධානි Jean-Luc Lemahieu, Lemahieu, කියා සිටියේ.

හෙරොයින් නිෂ්පාදනය කිරීම සඳහා යොදා ගන්නා පොපි මල් අස්වැන්න ලබන අවුරුද්දේ තවත් වැඩි විය හැකි බවද ඔහු ප්‍රකාශ කරයි.

ඇෆ්ගනිස්තානයේ ජනාධිපතිවරණය ලබන වසරේ පැවැත්වීමට නියමිත අතර විදේශීය හමුදාද රටින් ඉවත් වීමට නියමිතයි.

ඇෆ්ගනිස්තානයේ මත්ද්‍රව්‍ය ගැටලුව නිරාකරණය කිරීම සඳහා තවත් අවුරුදු පහළොවක් පමණ ගත විය හැකි බව කාබුල් හි එක්සත් ජාතීන්ගේ මත් ද්‍රව්‍ය සහ අපරාධ මැඩලීමේ කාර්යාංශයේ ප්‍රධානියා ප්‍රකාශ කළේය.