දිල්ලි නුවර සමුහ දුෂකයෝ වැරදිකරුවන්

  • 10 සැප්තැම්බර් 2013

දිල්ලි නුවර දී බස් රථයක් තුළ කාන්තාවක දූෂණය කර මරා දැමූ බවට චෝදනා ලත් හතර දෙනකු ඉන්දීය අධිකරණය විසින් වරද කරුවන් කරනු ලැබිණි.

වරදකරුවන්ට දඬුවම් නියම කිරීම හෙට (බදාදා) සිදු කිරීමට නියමිත නමුත් විත්තියේ නීතිඥයන් කියා සිටියේ ඔවුන් අභියාචනයක් ඉදිරිපත් කිරීමට ඉඩ ඇති බවයි.

මෙම දූෂණයට සම්බන්ධ වූ බාල වයස්කාර පිරිමි ළමයෙකු ද සිටි අතර ඔහු පිළිබඳ ව වෙනම නඩු විභාගයක් පවත්වා වසර තුනකට පුනරුත්ථාපන ආයතනයක රැඳවීමට නියම විය.

අත්අඩංගුවට ගත් තවත් සැක කරුවකු නඩු විභාගයට පෙර රැඳවුම් භාරයේ සිටිය දී මිය ගිය බව වාර්තා විය.

පසුගිය දෙසැම්බරයේ දී සිදු වූ මෙම සමූහ දූෂණය නිසා ඉන්දියාව පුරා ප්‍රචණ්ඩකාරී උද්ඝෝෂණ රැසක් පැතිරී ගියේ ය.

මෙම සමූහ දූෂණයට ලක් වූයේ විසි තුන් හැවිරිදි ශිෂ්‍යාවක්.

එම සිද්ධියෙන් අනතුරුව ස්ත්‍රී දූෂණ පිළිබඳ ඉන්දීය නීතිය සංශෝධනය කිරීමට ඉන්දීය රජය පියවර ගත්තේ ය.