නෙල්සන් මැන්ඩෙලා රෝහලෙන් පිටවෙයි

  • 1 සැප්තැම්බර් 2013
The ambulance carrying Nelson Mandela arriving at his home
තවමත් සුවය ලබා නැති මැන්ඩෙලාගේ සෞඛ්‍ය තත්වය බරපතළ බවයි පැවසෙන්නේ

දකුණු අප්‍රිකාවේ හිටපු ජනාධිපති නෙල්සන් මැන්ඩෙලා රෝහලෙන් පිටවී සිය නිවෙස බලා පැමිණ තිබේ.

තවමත් සුවය ලබා නැති මැන්ඩෙලාගේ සෞඛ්‍ය තත්වය බරපතළ බවයි වාර්තා වන්නේ.

රෝහලේ දී ලබා දුන් ප්‍රතිකාර සහ දැඩි සත්කාර ඒ ආකාරයෙන් ම නිවසේ දී ලබා දීමට කටයුතු සලසා ඇති බවට නෙල්සන් මැන්ඩෙලා භාරව සිටින වෛද්‍ය කණ්ඩායම සෑහීමකට පත් වී තිබේ.

වර්ණ භේද වාදයට එරෙහි සටනේ පියා ලෙස සලකන අනූ පස් වියැති නෙල්සන් මැන්ඩෙලා පෙනහළු ආසාදනයකින් පෙළෙන අතර පසුගිය ජුනි මාසයේ සිට රෝහල් ගත කර සිටියේ ය.

ඔහු දකුණු අප්‍රිකාවේ ප්‍රථම කළු ජාතික ජනාධිපතිවරයායි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර