පූතින්ගෙන් ඇමෙරිකාවට අභියෝගයක්

අවසාන යාවත්කාලීන කිරීම :  2013 අගෝස්තු 31 සෙනසුරාදා - 16:42 GMT

ජනාධිපති පූතින් රුසියාවේ මාධ්‍ය අමතමින්

ඩමස්කස් නගරය අසළ එල්ල කෙරුණ ප්‍රහාරයේදී සිරියානු ආණ්ඩුව රසායනික අවි පාවිච්චි කල බවට ඇමෙරිකා එක්සත් ජනපදය කරන චෝදනාවන්හි තේරුමක් නැතැයි රුසියාවේ ජනාධිපති ව්ලදිමීර් පූතින් කියා සිටියි.

ඔවුන්ගේ චෝදනාවට අදාළ සාක්ෂි ඇමෙරිකා එක්සත් ජනපදයට තිබේනම්, ඒවා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයට ලබා දිය යුතු බවයි, රුසියාවේ ජනාධිපතිවරයා කියා සිටින්නේ.

මේ අතර ජනාධිපති බරක් ඔබාමා කියා තිබුනේ,සිරියාවට එරෙහිව සීමිත පියවර ගන්නා බවයි.

අවි පරීක්ෂකයන්

එක්සත් ජාතීන්ගේ රසායනික අවි පරීක්ෂකයන් මේ වන විට සිරියාවෙන් පිටත්ව ගොස් ඇති අතර,ඩමස්කස් නගරය අසලින් ලබාගත් රසායනික සාම්පල, අදාළ විද්‍යාගාර පරීක්ෂණවලට ලක් කරනු ලැබීමෙන් අනතුරුව ඉදිරි සති දෙක ඇතුළත මහා ලේකම් බැන් කි මූන් වෙත භාර දීම ඔවුන්ගේ බලාපොරොත්තුවයි.

ඇමෙරිකානු ප්‍රහාරයක් එල්ල කෙරුනොත් ඊට මුහුණ දීම සඳහා ,මේ අතර සිරියානු හමුදාව සිය යුද උපකරණ පාසල්,පල්ලි,වැනි ස්ථාන ද ඇතුළුව,මහජනතාව වෙසෙන කලාපවල ස්ථානගත කිරීමට කටයුතු කරමින් සිටින බවක් ද වාර්තා වෙයි.

සිරියාවේ මහජනයාගෙන් වැඩි දෙනෙක් රටින් පිටව යමින් සිටින අතර,අගනුවර වැසියන් ආහාර ගබඩාකර ගනිමින් සිටින බවයි, ඩමස්කස් නගරයේ සිටින බීබීසී වාර්තාකරුවෙක් ප්‍රකාශ කළේ.

ප්‍රංශයේ යුද විරෝධය

ප්‍රංශයේ මහජන මත විමසුම් මගින් පෙන්නුම් කෙරන්නේ සිරියාවට් එරෙහිව යුදමය ක්‍රියාමාර්ගයකට යාම රටේ බහුතරයේ උවමනාව නොවන බවයි.

සිරියාවට පහර දීමේ යෝජනාව බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේදී පරාජයට පත් වීමෙන් පසුව එම යුද මතයේ සිටින එකම මුල් පෙළේ යුරෝපා රට ප්‍රංශයයි.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.