සෞදි අරාබිය ගෘහස්ත වධ හිංසාව තහනම් කරයි

අවසාන යාවත්කාලීන කිරීම :  2013 අගෝස්තු 28 බදාදා - 17:22 GMT
A woman in Saudi

නව නීතිය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ හැකි දැයි මානව හිමිකම් ක්‍රියාධරයෝ ප්‍රශ්න කරති

සෞදි අරාබිය ගෘහස්ථ වධ හිංසා තහනම් කෙරෙන නීති පැනවීමට පියවර ගෙන ඇත.

සෞදි අරාබිය එවැනි පියවරක් ගත් පළමු අවස්ථාව මෙයයි.

එහෙත් එය ප්‍රායෝගිකව ක්‍රියාවට නැංවීම සම්බන්ධයෙන් මානව හිමිකම් ක්‍රියාධරයන් සැක පළ කොට තිබේ.

සෞදි කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලද නව නීතිය අනුව වැරදි කරනු ලබන පුද්ගලයන් වසරක සිර දඬුවමකට හා ඩොලර් දහ තුන් දහසක දඩයකට යටත් කළ හැකි බවයි පැවසෙන්නේ.

සෞදි අරාබියේ මෙතෙක් බල පැවැත්වුන පිළිගැනීම වුනේ, ගෘහස්ථ හිංසනය පෞද්ගලික කාරණයක් වන බවයි.

වැඩි තොරතුරු සඳහා

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.