මුස්ලිම් සහෝදරත්වයේ ආධාරකරුවන් දහසකට වැඩි පිරිසක් අත්අඩංගුවේ

  • 17 අගෝස්තු 2013

මුස්ලිම් සහෝදරත්වයේ ආධාරකරුවන් දහසකට වැඩි පිරිසක් ඊජිප්තු බලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

සිකුරාදා පැවති විරෝධතා මධ්‍යයේ ඔවුන් ත්‍රස්තවාදී ක්‍රියා සිදු කොට ඇති බවට ඊජිප්තු අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.

මේ අතර මානව හිමිකම් පිලි බද එකසත් ජාතීන්ගේ මහ කොමසාරිස්වරිය, නවී පිල්ලෙයි (Navi Pillay) කියා සිටියේ ආරක්ෂක අංශ විසින් විරෝධතාකරුවන්ට ජීව උණ්ඩ වලින් වෙඩි නොතැබිය යුතු බවයි.

එසේම විරෝධතාකරුවන් සාමකාමී ලෙස හැසිරිය යුතු බවත් පලිගන්නා ස්වරූපයෙන් අදහස් ප්‍රකාශ කිරීමෙන් වැලකී සිටිය යුතු බවත් ඇය ඉල්ලා සිටියාය.

මේ අතර, ආරක්ෂක අංශ විසින් කයිරෝ නුවර අල් ෆාටේ (al-Fateh) මුස්ලිම් දෙස්වස්තානය වටලා සිටින අතර එහි තුළ මුස්ලිම් සහෝදරත්වයේ අධාරකරුවන් සියයකට වැඩි පිරිසක් සිටින බවට ද, මිය ගිය පුදගලයන් දෙදෙනකුගේ සිරුරු ඇති බවට ද වාර්තා වෙයි.

ඊයේ පැවති විරෝධතාවලදී එකසිය හැත්තෑ තුන් දෙනකු මිය ගොස් ඇති බවයි ඊජිප්තු බලධාරීන් ප්‍රකාශ කළේ .