මුස්ලිම් සහෝදරත්වයේ නායකයාට වරෙන්තු

අවසාන යාවත්කාලීන කිරීම :  2013 ජූලි 10 බදාදා - 16:31 GMT

ප්‍රචණ්ඩත්වය අවුළුවාලීමේ චෝදනා යටතේ මුස්ලිම් සහෝදරත්වයේ නායක මොහොමඩ් බදී ඇතුළු තවත් සාමාජිකයන් කිහිප දෙනෙකුටම වරෙන්තු

මුස්ලිම් සහෝදරත්වයේ නායකයා අත්අඩංගුවට ගැනීම සඳහා ඊජිප්තු නීතිපතිවරයා වරෙන්තු නිකුත් කළේය.

මෙම වරෙන්තු නිකුත් කර ඇත්තේ පසු ගිය සඳුදා කයිරෝ නුවර හමුදා බැරැක්කයක් අසල ඇතිවූ ගැටුම සම්බන්ධව, ප්‍රචණ්ඩත්වය අවුළුවාලීමේ චෝදනා යටතේ.

වීදි බට පිරිසක් ආරක්ෂක හමුදා සමග ඇති කර ගත් ඉහත කී ගැටුම කෙළවර වූයේ පනස් දෙනෙකු පමණ මරණයට පත් කරමින්.

මිය ගිය අයගෙන් වැඩි පිරිස මුස්ලිම් සහෝදරත්වයේ සාමාජිකයන් වන අතර ආරක්ෂක හමුදා කියා සිටියේ තම අත්මාරක්‍ෂාව උදෙසා කටයුතු කළ බවයි.

නමුත් ආරක්ෂක හමුදා ජනසංහාරයක යෙදුණු බවට මුස්ලිම් සහෝදරත්වය චෝදනා කර සිටියේය.

ජනතාව නිහඬ කිරීමේ අරමුණින් යම් යම් පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කරමින් සිටින බවයි මුස්ලිම් සහෝදරත්වයට සහයෝගය දෙන ආචාරිනී සහාර් නබිල් බීබීසියට කියා සිටියේ.

මෙම ගැටුම ඇති කිරීම සඳහා උල්පන්දම් දුන් බවට චෝදනා නගමින් මුස්ලිම් සහෝදරත්වයේ නායක මොහොමඩ් බදී ඇතුළු තවත් සාමාජිකයන් කිහිප දෙනෙකුටම වරෙන්තු නිකුත් කර තිබේ.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.