මුෂර්රෆ්ගේ නාම යෝජනාව ප්‍රතික්ෂේප වේ

අවසාන යාවත්කාලීන කිරීම :  2013 අප්‍රේල් 5 සිකුරාදා - 12:19 GMT
Pervez Musharraf

මැතිවරණ නිලධාරියාගේ තීන්දුවට එරෙහිව අභියාචනා කිරීමේ අයිතිය පර්වේෂ් මුෂර්රෆ් සතුයි

ලබන මාසයේ පැවැත්වීමට නියමිත පාකිස්තාන් මහමැතිවරණය සඳහා තරඟ වැදීමේ අදහසින් හිටපු ජනාධිපති පර්වේෂ් මුෂර්රෆ් ඉදිරිපත් කළ නාම යෝජනා පත්‍රය ප්‍රතික්ෂේප කෙරිණ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීම සහ හමුදාපති පදවියේ දුන් දිව්රුම කඩ කිරීම ආදී චෝදනා නඟමින් හිටපු ජනාධිපතිවරයා මෙවර මහමැතිවරණයට තරඟ වැදීමට එරෙහිව විරෝධතා ඉදිරිපත්ව තිබිණ.

එහෙත් මැතිවරණ නිලධාරියාගේ තීන්දුවට එරෙහිව අභියාචනා කිරීමේ අයිතිය පර්වේෂ් මුෂර්රෆ් සතුයි.

නාම යෝජනා ප්‍රතික්ෂේප කෙරුන එම ඡන්ද කොට්ඨාශය හැරුන විට ඔහු තවත් ඡන්ද කොට්ඨාශ තුනකට නාමයෝජනා භාර දී ඇති බවයි පාකිස්තානයෙන් ලැබෙන වාර්තාවලින් පැවසෙන්නේ.

තමා උපාධිධරයකු යයි පවසමින් සිය නාම යෝජනා පත්‍රයට ව්‍යාජ තොරතුරු ඇතුල් කර තිබුන බලුකිස්තාන් ප්‍රාන්තයේ හිටපු ඇමතිවරයකු වූ මිර් අලි ජටාක්ට පාකිස්තාන් උසාවියක් සිර දඬුවම් නියම කළ බවක් ද වාර්තාවේ.

උපාධිධරයන් හැටියට ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කිරීම නිසා පසුගිය දිනවල සිර දඬුවම් ලද හත්වැනි පාකිස්තාන් දේශපාලඥයා ඔහුයි.

වැඩි තොරතුරු සඳහා

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.