දමස්කස් නුවර බෝම්බයකින් පනස් දෙනෙකුට අධික පිරිසක් මිය යති

අවසාන යාවත්කාලීන කිරීම :  2013 පෙබරවාරි 21 බ්‍රහස්පතින්දා - 17:44 GMT

සිරියාවේ දමස්කස් අගනුවර මෝටර් රථයක අටවා තිබූ අධි බලැතිබෝම්බයක් පුපුරා යාමෙන් පනස් දෙනෙකුට අධික පිරිසක් මිය ගොස් දෙසියයකට අධික පිරිසක් තුවාල ලැබූහ.

බෝම්බය පුපුරවා ඇත්තේ සිරියානු පාලක පක්ෂ මුලස්ථානය අසල පිහිටි ආරක්ෂක මුර පොලක් ඉදිරිපිටදීයි.

මීට සමගාමීව තවත් බෝම්බ ප්‍රහාර දෙකක් සිදුවී ඇති බවට වාර්තා වේ.

සිරියානු රජයේ හමුදා සහ විපක්ෂ කැරලි කරුවන් අතර තවමත් දමස්කස් නුවර දරුණු සටන් පවතින අතර රජයේ හමුදා දිගින් දිගටම ගුවන් ප්‍රහාර එල්ල කරමින් සිටිති.

මේ අතරතුර සිරියානු අර්බුදය විසඳීමෙහිලා දේශපාලන විසඳුමක් කරා යාමට අවශ්‍ය රාමුව සකසා ගැනීම සඳහා සිරියානු විපක්ෂ සන්ධානය කයිරෝ නුවරදී රැස් විය.

රුසියානු සහ අරාබි නායකයන් ද මොස්කව් නුවරදී රස්වූ අතර සිරියානු රජය සහ විපක්ෂය අතර පැවැත්වීමට නියමිත සාම සාකච්ඡ වලදී මැදිහත් කරුවන් වීමට ඔවුන් කැමැත්ත පල කොට තිබේ.

ලෙබනනයේ සංචාරයක නිරත බ්‍රිතාන්‍ය විදේශ ඇමති විලියම් හේග් ප්‍රකාශයක් කරමින් කියා සිටියේ සිරියානු ජනාධිපතිවරයාට ඉවත්ව යාමට කාලය එළැඹ ඇති බවයි

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.