ඕස්ට්‍රේලියානු දේශපාලනඥයාට මැලේසියාවේ දොර වැසේ

අවසාන යාවත්කාලීන කිරීම :  2013 පෙබරවාරි 16 සෙනසුරාදා - 16:17 GMT

ඔස්ට්‍රේලියානු සෙනෙට් සභිකයකු වන නික් ශේන්පොන්

ඔස්ට්‍රේලියානු දේශපාලනඥයෙක් රඳවා ගත් මැලේසියානු බලධාරීන් ඔහු රටින් පිටුවහකල් කිරීමට සැලසුම් කරමින් සිටියි.

එවැනි පියවරක් ගනු ලබන්නේ ඔහුගේ සංචාරය රටේ ආරක්ෂාවට අනතුරකැයි පවසමින්.

ඔස්ට්‍රේලියානු සෙනෙට් සභිකයකු වන නික් ශේන්පොන් බීබීසී යට ප්‍රකාශයක් කරමින්, මැලේසියාවේ ඉදිරි මහා මැතිවරණය සාධාරණව පැවැත්වෙන්නේද යන්න තක්සේරු කිරීම සඳහා, කරුණු පිරික්සීමේ පාර්ලිමේන්තු දූත මණ්ඩලයක සාමාජිකයකු හැටියට තමා සංචාරයට එක්ව සිටි බවයි කියා සිටියේ.

එහෙත් මැලේසියාවට පිවිසීමට ඉඩ නොලද ඕස්ට්‍රේලියානු දේශපාලනඥයා ගුවන් තොටුපොලේදී රඳවා ගනු ලැබුනි ණි . පාර්ලිමේන්තු දූත මණ්ඩලයේ සෙසු සාමාජිකයන්ද ඔවුන්ගේ සංචාරය අවලංගු කරන ලද බවයි වාර්තා වන්නේ.

මැලේසියානු බලධාරීන් විසින් ගනු ලැබූ පියවර සම්බන්ධයෙන් විශ්මය සහ බලාපොරොත්තු සුංවූ තත්වය පළ කරන ඔස්ට්‍රේලියානු ආණ්ඩුව, ඒ සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් අපේක්ෂා කරන බව කියා සිටියි.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.