බෙනඩික්ට් පාප් වහන්සේ පොදු කටයුතු වලින් සමුගන්නට යයි

අවසාන යාවත්කාලීන කිරීම :  2013 පෙබරවාරි 14 බ්‍රහස්පතින්දා - 16:44 GMT

මේ මස අග විශ්‍රාම ගැනීමෙන් පසු සියලු පොදු කටයුතු වලින් සමුගැනීමට අපේක්ෂාකරන බවට බෙනඩික්ට් පාප් වහන්සේ විසින් අඟවා තිබේ.

තමන් ලොවින් සැඟවී සිටීමට තීරණය කර ඇති නමුත් අද උන්වහන්සේ මුණ ගැසුණු රෝමයේ පූජක කණ්ඩායමක් සමග සමීපව කටයුතු කිරීම තම අරමුණ බව ශුද්ධවූ පාප් වහන්සේ ප්‍රකාශ කළහ.

තම අනුප්‍රාප්තිකයාගේ පදවි ප්‍රාප්තියෙන් පසු කතෝලික සභාවේ කටයුතු පිලිබඳ ප්‍රසිද්ධ ප්‍රකාශයන් කිරීමෙන් වැළකී සිටීමට පාප් වහන්සේ තීරණය කර ඇති බව මෙම ප්‍රකාශයෙන් ඇඟවෙන බවයි රෝමයේ බී බී සී වාර්තාකරු ප්‍රකාශ කළේ.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.