ඊශ්‍රායෙල් සිරගෙදර මරණයක් ගැන ඕස්ට්‍රේලියානු පරීක්ෂණ

අවසාන යාවත්කාලීන කිරීම :  2013 පෙබරවාරි 13 බදාදා - 16:13 GMT
Bob Carr

ඔස්ට්‍රේලියානු විදේශ ඇමැති බොබ් කාර්

අධි ආරක්‍ෂිත ඊශ්‍රායල් සිරගෙයකදී සියදිවි හානි කර ගත් බවට වාර්තා වූ ඔස්ට්‍රේලියානු ජාතිකයකු රඳවා තැබීමේදී තම නිලධාරීන් ක්‍රියා කර ඇති ආකාරය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන මෙන් ඕස්ට්‍රේලියානු විදේශ ඇමැති බොබ් කාර් නියෝග කළේය.

ඔස්ට්‍රේලියාවේ ABC ගුවන් විදුලිය ප්‍රචාරය කළ වාර්තාවකින් හෙළි වී තිබුනේ සියදිවි හානිකර ගත් සිරකරු මොසාඩ් ඊශ්‍රායල් ඔත්තුකරුවන් සමඟ සම්බන්ධතා පවත්වා ඇති බවයි.

මෙතෙක් කල් 'සිරකරු X' නමින් හඳුන්වනු ලැබූ ඔහු, බෙන් සිගියර් (Ben Zygier) නම් ඔස්ට්‍රේලියානුවකු බවයි ABC ගුවන් විදුලිය අඟහරුවාදා විකාශණය කළේ.

ඔහු සිරකර තැබීමේ හේතුව තවමත් අභිරහසක්.

එහෙත් එම පුද්ගලයා මරණයට පත් වීමට පෙර සිර කොට සිටි බව ඇතැම් නිලධාරීන් දැන සිටියේයැ'යි ඔස්ට්‍රේලියානු විදේශ අමාත්‍යාංශය පිළිගත්තේය.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.