මස් වෙළෙඳ වංචා ගැන යුරෝපා සංගමය සාකච්ඡාවේ

අවසාන යාවත්කාලීන කිරීම :  2013 පෙබරවාරි 13 බදාදා - 17:06 GMT

අශ්ව මස් තිබු බවට බ්‍රිතාන්‍යයෙන් හෙළි වූ 'හරක් මස්' ආහාර

ගව මස් යයි රවටා අශ්ව මස් විකිණීම සම්බන්ධයෙන් පැවැත්වෙන පරීක්ෂණයට සම්න්ධ වෙන යුරෝපා රටවල ඇමතිවරු බෙල්ජියමේ බ්‍රසල්ස් නගරයේදී මුළු දෙමින් සිටිති.

එම හමුව සිදු වෙන්නේ, වෙළෙඳ නිෂ්පාදන ලේබල් කිරීමේදී අනුගමනය කැරෙන ක්‍රියාමාර්ග දැඩි කිරීමට ගතයුතු පියවර සාකච්ඡා කිරීමට.

හරක් මස් බව සඳහන් කරමින්, ප්‍රංශයෙන් , බ්‍රිතාන්‍යයෙන් සහ අයර්ලන්තයෙන් ගෙන්වූ අශ්ව මස් යොදා පිළියෙළ කළ ආහාර බ්‍රිතාන්‍යයේදී පසුගියදා හසු වීමෙන් අනතුරුවයි ඇමතිවරුන් බ්‍රසල්ස් නගරයේදී හමු වීමට තීරණය කළේ.

මේ අශ්ව මස් අර්බුදයට මේ වනවිට රටවල් දහසයකට වැඩි සංඛ්‍යාවක පාරිභෝගිකයන් ගොදුරු වී ඇති බවයි වාර්තා වෙන්නේ.

ආහාර වල අන්තර්ගතය සහ එහි නිෂ්පාදන තොරතුරු පිළිබඳව වඩාත් දැඩි නීති රීති දැනට සිදුවෙන සාකච්ඡා වලදී යෝජනා වන බවයි බීබීසී වාර්තා කරුවකු පවසන්නේ.

එම මතය පිළිනොගන්නා ව්‍යාපාරිකයන් කියා සිටින්නේ, නව නිර්දේශ යටතේ ලේබල්කරණය අධික වියදම් සහිත මෙන්ම ආහාර විකිණීමේ නිරත ලෝක වෙළෙඳ ජාලය සංකීර්ණ තත්වයකට පත් කරන වැඩ පිළිවෙලක් වන බවයි.

සබැඳි තේමා

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.