අතීත භාෂා ප්‍රති නිර්මාණයට පරිගණකය

අවසාන යාවත්කාලීන කිරීම :  2013 පෙබරවාරි 12 අඟහරුවාදා - 13:59 GMT

අතීතයේ භාවිත වූ භාෂා යලිත් ප්‍රති නිර්මාණය කළ හැකි පරිගණක වැඩසටහනක් නිපදවා ඇතැයි කැලිෆෝර්නියාවේ බර්ක්ලි සරසවියේ පර්යේෂකයෝ පවසති.

සාම්ප්‍රදායික ක්‍රම යොදා අභාවයට ගිය භාෂා යලිත් ප්‍රති නිර්මාණය කිරීම සඳහා දීර්ඝ කාලයක් ගත වෙතත් මෙම පරිගණක වැඩසටහන උපයෝගී කරගනිමින් පැය කීපයක් තුලදී අතීත භාෂා ස්වරූපය ප්‍රති නිර්මාණය කළ හැකි බවයි ඔවුන් පවසන්නේ.

ආසියාවේ සහ පැසිෆික් කලාපයේ භාෂා 600යක් සම්බන්ධයෙන් පර්යේෂණ පවත්වා එහි අතීත ස්වරූපය හෙළිදරවු කරගෙන තිබේ.

මේ භාෂාවන් මීට අවරුදු හත් දහසකට ඉහත භාවිත වූ ආකාරය මේ පරිගණක වැඩසටහන මඟින් දැන ගැනීමට හැකි වී තිබේ.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.