ඊශ්‍රායෙල ජනාවාස පලස්තීන මානව හිමිකම් උල්ලංඝනයක් - එක්සත් ජාතීන්

අවසාන යාවත්කාලීන කිරීම :  2013 ජනවාරි 31 බ්‍රහස්පතින්දා - 14:46 GMT

අල්ලාගත් ප්‍රදේශ වල ඇති ඊශ්‍රායෙල ජනාවාස මගින් පලස්තීන ජනතාවගේ මානව හිමිකම් උල්ලංඝනය කෙරෙන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය නිකුත් කළ අලුත්ම වාර්තාවක දැක්වෙයි.

ජනාවාස ඉදිකිරීම වහාම අත් හිටුවන ලෙසත් අල්ලාගත් ප්‍රදේශවල පදිංචි කළ පිරිස් ඉවත් කරගන්නා ලෙසත් එම සංවිධානය ඊශ්‍රායෙල් රජයට බල කොට සිටී.

මානව හිමිකම් පිලිබඳ එක්සත් ජාතීන්ගේ විද්වතුන් තිදෙනකු විසින් එම වාර්තාව සකස් කොට තිබේ.

වාර්තාව පවසන්නේ පලස්තීන ජනතාව ක්‍රමානුකූලව භූමියෙන් පලවා හැරීමටත්, දිනපතා වෙනස් කම් කිරීමට මෙන්ම අඩන්තේට්ටම්වලට ලක් කිරීමටත් ජනාවාස හේතු වී ඇති බවයි.

ඊශ්‍රායෙල් රජය පවසන්නේ වාර්තාවත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයත් පක්ෂග්‍රාහී බවයි.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.