ඇමරිකානු ගුවන් යානා ප්‍රහාර පිළිබඳව පරීක්ෂණයක්

අවසාන යාවත්කාලීන කිරීම :  2013 ජනවාරි 24 බ්‍රහස්පතින්දා - 18:56 GMT
drawon

නියමුවකු රහිතව පියාසර කරවිය හැකි ප්‍රහාරක ගුවන් යානා යොදා ගනිමින් එක්සත් ජනපදය රටවල් කිහිපයකම කර ඇති ගුවන් ප්‍රහාර නිසා සාමාන්‍ය වැසියන් මිය යාම පිළිබඳව පරීක්ෂණයක් පැවැත්වීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය තීරණය කොට ඇත.

එක්සත් ජනපද හමුදා ඉහත කී ගුවන් ප්‍රහාර දියත් කර ඇත්තේ ඇෆ්ඝනිස්ථානය, පකිස්ථානය, සෝමාලියාව සහ යෙමනයේදී.

එක්සත් ජාතීන්ගේ නියමය පරිදි ආරම්භ වූ මෙම පරීක්ෂණයේ ප්‍රධානියා වශයෙන් බ්‍රිතාන්‍ය ජාතික නීතිඥයෙකු වන බෙන් එමර්සන් පත් කොට තිබේ.

ඉහත කී රටවල දී එක්සත් ජනපද හමුදා එල්ල කළ ගුවන් ප්‍රහාර විසි පහක් පිළිබඳව විභාග කිරීමට නියමිත අතර වසර 2011 දී පකිස්ථානයේදී සාමාන්‍ය වැසියන් හතළිහක් පමණ මිය යාමේ සිද්ධියද එයට ඇතුලත් වී ඇත.

මෙම පරීක්ෂණය සඳහා එක්සත් ජනපදය පූර්ණ සහයෝගය ලබා දී නැති බව නීතිඥ බෙන් එමර්සන් ප්‍රකාශ කළේය.

නමුත් මානවීය නීති රීති යටතේ යුධ අපරාධයක් සිදුවී ඇත්ද යන්න සොයා බැලීම තමන්ගේ වගකීම වී ඇතැයි ඔහු තව දුරටත් කියා සිටියේය.

ලබන ඔක්තෝම්බර් මාසයේදී පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහා සමුළුවේදී මෙම පරීක්ෂණ වාර්තාව ඉදිරිපත් කිරීමට නියමිතයි.

සබැඳි තේමා

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.