ධනකුවේරයන් සහ අන්ත දිළින්දන් අතර දැවැන්ත පරතරයක්

අවසාන යාවත්කාලීන කිරීම :  2013 ජනවාරි 19 සෙනසුරාදා - 17:10 GMT

ලෝකයේ ධනවත්ම පුද්ගලයන් සිය දෙනා ඉකුත් වසරේ ඉපයූ ධනය ලෝකයේ අන්ත දිලින්දන්ගේ දරිද්‍රතාව නැති කිරීමට අවශ්‍ය මුදලට වඩා හතර ගුණයකට වඩා වැඩි යයි ඔක්ස්ෆාම් ආධාර ආයතනය කියා සිටියි.

ලෝකයේ ධනවත්ම පුද්ගලයන් සියදෙනා ඉකුත් වසරේ ලැබූ ශුද්ධ ආදායම ඩොලර් බිලියන දෙසිය හතළිහක්.

එහෙත් අන්ත දිළිඳු භාවයෙන් පෙලෙන පුද්ගලයකු ජීවත්වන්නේ දිනකට ඩොලර් එකකුත් සත විසිපහකටත් වඩා අඩු මුදලකින් බවයි ඔක්ස්ෆාම් ආයතනය පවසන්නේ.

ලබන සතියේ ස්විස්ටර්ලන්තයේ පැවැත්වෙන ලෝක ආර්ථික සමුළුවට පෙර අදහස් පලකරන ඔක්ස්ෆාම් පුණ්‍යායතනය කියා සිටින්නේ සීමිත් පිරිසක් අත ධනය ඒකරාශිවීම දුප්පත්කම තුරන් කිරීම හමුවේ ඇති බාධාවක් බවයි.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.