මධ්‍යම අප්‍රිකා ජනරජයේ විරෝධතා

අවසාන යාවත්කාලීන කිරීම :  2012 දෙසැම්බර් 27 බ්‍රහස්පතින්දා - 14:23 GMT

බාන්ගි (Bangui) අගනුවර කරා අභියෝගාත්මක ලෙසින් ඇදෙමින් සිටින කැරලි කරුවන් නවතා ලීමට උදව් වන ලෙස මධ්‍යම අප්‍රිකා ජනරජයේ ජනාධිපති ෆ්රාන්ස්වා බොසීසේ (Francois Bozize) ප්‍රංශයෙන් හා ඇමරිකා එක්සත් ජනපදයෙන් ඉල්ලා තිබේ.

ජනාධිපති වරයා පවසන පරිදි ඔහු කැරලිකරුවන් පසු බස්වාලීමේ සහාය ඉල්ලා සිටින්නේ සාකච්ඡා මාර්ගයට පිවිසීම සඳහා.

මධ්‍යම අප්‍රිකාව අතීතයේ යටත් විජිතයක් ලෙසින් පාලනය කළ ප්‍රංශ ආණ්ඩුව කලින් කියා තිබුනේ දකුණු අප්‍රිකා ජනරජයේ තමන් කුඩා හමුදා බලකායක් රඳවා තිබෙන්නේ ප්‍රංශ පුරවැසියන්ගේ ආරක්ෂාවට විනා රජය රැකීමට නොවන බවයි.

බාන්ගි නුවර සිටින බීබීසී වාර්තා කරුවකු පවසන පරිදි ඉදිරි දින කීපය තුල කැරලි කරුවන් ඇතුල් වෙතැයි පල වන බිය මධ්‍යයේ නගර වැසියෝ ආහාර ගබඩා කරමින් සිටිති.

ජනරාල් බොසීසේ බලයට පත්වුයේ 2003 දී මෙහෙයවූ හමුදා කුමන්ත්‍රණයකින්.

වසර ගණනාවක ගැටුම් නිම කිරීමේ අරමුණින් එළැඹි ගිවිසුමක් ක්‍රියාවේ යෙදවීමට අසමත් වූ බවට කැරලි කරුවෝ ඔහුට චෝදනා කරති.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.