සිරියාවේ යුද්ධයෙන් අනාථ ජනතාව වෙනුවෙන් අරමුදලක්

අවසාන යාවත්කාලීන කිරීම :  2012 දෙසැම්බර් 19 බදාදා - 15:04 GMT
Syria

සිරියාවේ යුද්ධයෙන් අනාථව සිටින ජනතාව වෙනුවෙන් ඩොලර් කෝටි සීයකට අධික අරමුදලක් සම්පාදනය කරන මෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉල්ලීමක් කොට ඇත.

දශ ලක්ෂයකටත් අධික සිරියානු අනාථයන් වෙනුවෙන්, එම මුදල් ලබන වසරේ පළමු හයමාසය සඳහා යොදවන බවයි, එක්සත් ජාතීන් පවසන්නේ.

යුද්ධයෙන් බැටකන සිරියානු ජනතාව අසල්වැසි රටවලට එමින් සිටින අතර,එක දවසක් ඇතුළත දහස් ගණනින් අනාථයන් පැමිණෙන බවයි, ඇස්තමේන්තු කෙරෙන්නේ.

සිරියාව භාර එක්සත් ජාතීන්ගේ කලාපීය සම්බන්ධීකාරක,පැනෝස් මුම්ටිශිෂ් ප්‍රකාශයක් කරමින්,රටින් පිට වූ අනාථයන්ට අතිරේකව තවත් හතලිස් ලක්ෂයකට අධික ජනකායක් සිරියාව තුල අවතැන්ව සිටින බවයි සඳහන් කළේ .

එහි තේරුම සිරියානු ජනගහනයෙන් හතරෙන් එකක්ම මානවීය සහනාධාර ලැබිය යුතු මට්ටමකට වැටී සිටීම යයි ද එක්සත් ජාතීන්ගේ නිලධාරියා පෙන්වා දෙයි.

සබැඳි තේමා

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.