ලොව බොහෝ මරණවලට හේතුව ස්ථූලභාවය

අවසාන යාවත්කාලීන කිරීම :  2012 දෙසැම්බර් 14 සිකුරාදා - 14:00 GMT
An obese man

2010 වසර තුල තරබාරුභාවය නිසා සිදු වී ඇති මරණ සංඛ්‍යාව ලක්ෂ තිහකට වැඩි බවයි වාර්තාව පවසන්නේ

ලෝකයේ අද සිදුවන මරණවලින් වැඩි ප්‍රමාණයකට හේතුව කෑම බීම නැතිකම නොව තරබාරුභාවය බව, මහජන ශරීර සෞඛ්‍යය සම්බන්ධයෙන් සිදු කෙරුන අලුත්ම පුළුල් සමීක්ෂණයක තොරතුරු රැගත් වාර්තාවක් පෙන්වා දෙයි.

2010 වසර පදනම් කර ගනිමින් සිදුකොට ඇති සමීක්ෂණයේදී හෙළිදරව් වී ඇති කාරණා මෙයින් අවුරුදු විස්සකට පෙර පැවැති තත්වය සමඟ තුලනාත්මකව සංසන්දනය කිරීමකුයි, පර්යේෂකයන් විසින් සිදු කරනු ලැබ තිබෙන්නේ.

ඒ අනුව මෙයින් අවුරුදු විස්සකට පෙර බොහෝ මරණවලට හේතුව පෝෂණය අවම මට්ටමක වීම නමුත්, අද බොහෝ මරණවලට හේතු වී තිබෙන්නේ ස්ථූලභාවයයි.

2010 වසර තුල තරබාරුභාවය නිසා සිදු වී ඇති මරණ සංඛ්‍යාව ලක්ෂ තිහකට වැඩි බවයි එම වාර්තාව පවසන්නේ.

එය මන්දපෝෂණය නිසා සිදු වූ මරණ සංඛ්‍යාවට වඩා තුන් ගුණයකටත් අධික ප්‍රමාණයක්.

ලෝකයේ පොදු තත්ත්වය එයවන නමුත්, තවමත් අප්‍රිකානු රටවල සිදුවන අකල් මරණවලින් වැඩි ප්‍රමාණයකට හේතුව මන්දපෝෂණය වන බවත් එම වාර්තාවේ දැක්වේ.

සබැඳි තේමා

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.