පිලිපීන කුණාටුවෙන් මිය ගිය සංඛ්‍යාව දෙසිය ඉක්මවයි

අවසාන යාවත්කාලීන කිරීම :  2012 දෙසැම්බර් 5 බදාදා - 14:28 GMT

පිලිපීනය ඔස්සේ හමාගිය මහා කුණාටුවෙන් මිය ගිය සංඛ්‍යාව දෙසීයකට වඩා අධික බව අලුත්ම වාර්තා ප්‍රකාශ කරයි.

පළමුව දකුණු පිලිපීනයේ මින්දනාඕ දූපතට එල්ල වූ මහා කුණාටුව ඉන් අනතුරුවයි, මධ්‍යම පිලිපීනය දෙසට හැරී ඇත්තේ.

මරණයට පත් අයට අමතරව, තවත් බොහෝ දෙනකුට සිදුවුන දෙයක් තවමත් දැනගැනීමට නැති බවයි පිලිපීනයෙන් ලැබෙන වාර්තා පවසන්නේ.

කුණාටුවත් සමඟ කඳු නායයාම්ද වාර්තා වූ අතර විශාල දේපල හාණියක් ද සිදුව ඇති බව පිලිපීන නිලධාරීහු පවසති.

ඒ සමඟ ඇති වූ ජල ගැල්මට හසුව නිවාස රැසක් සේදී ගොස් ඇති අතර, සුංබුන් මගින් මහාමාර්ග අවහිරව ඇති බවත් වාර්තා වී තිබේ.

මෙම කුණාටුවෙන් වැඩිම හාණිය සිදුව තිබෙන මින්දනාඕ සමුද්‍රාසන්න කලාපය මේ වසරේ පිලිපීනය මුහුණ දුන් දරුණු කුණාටු රැසකින්ම දැඩි පීඩාවට ලක්විය.

කඩාවැටුන ගොඩනැගිළි අතර පාසල් සහ ආණ්ඩුවේ ආයතනද වෙයි. ආපදාවන්හිදී ජනතාව රඳවා තබන ඇතැම් ගොඩනැගිලි ද ඒ අතර වූ බවට වාර්තා වී ඇත.

පාලම් කඩාවැටීමෙන්, ගල් සහ පස්කඳු ආදිය වැටී මාර්ග අවහිර වීමෙන්, හුදෙකලාව ඇති ප්‍රදේශ කරා ලංවීමට බේරා ගැනීමේ නිරත කණ්ඩායම් උත්සාහ ගනිමින් සිටින බවත් පිලිපීන නිලධාරීහු පැවසූහ.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.