ඊජිප්තු ජනපතිට පක්‍ෂව උද්ඝෝෂණ

අවසාන යාවත්කාලීන කිරීම :  2012 දෙසැම්බර් 1 සෙනසුරාදා - 18:02 GMT

ඊජිප්තු ජනාධිපති මොහමඩ් මොර්ෂිගේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්තාවට ඔහුගේ ආධාරකරුවෝ සහය පළකරති.

ජනාධිපති මොහමඩ් මොර්ෂිගේ ආධාරකරුවන් සහ ඔහු නායකත්වය දෙන මුස්ලිම් සහෝදරත්වය පක්ෂය විසින් සෙනසුරාදා රට පුරා විරෝධතා ව්‍යාපාර ආරම්භ කොට තිබිණ.

එම විරෝධතා පැවැත්වුනේ ඊජිප්තු විපක්ෂය දියත් කළ උද්ඝෝෂණ ව්‍යාපාරවලට ප්‍රතිචාරයක් වශයෙනුයි.

කයිරෝ විශ්ව විද්‍යාලය ඉදිරිපිට උද්ඝෝෂණ ව්‍යාපාරයකට අතිවිශාල ජනකායක් සහභාගී වෙමින් සිටි අතර, ඇලෙක්සන්ද්‍රා නගරයේ විරෝධතාවයට එක්ව සිටියේ සිය ගණනක් පමණි.

ජනාධිපති මොර්ෂිගේ ප්‍රතිවාදීන් වීථි බැස සිටියේ ඔහු ,තමාගේම ආඥාවක් මගින් අධි බලතල පවරා ගැනීම සහ කඩිමුඩියේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පතක් අනුමත කර ගැනීමට එරෙහිවයි.

ව්‍යවස්ථා කෙටුම්පත ජනාධිපති මොහමඩ් මොර්ෂි වෙත භාරදීමට නියමිතව ඇති අතර, ඊට ඔහුගේ අනුමතිය දීමෙන් පසු ජනමත විචාරණයකට යොමු කෙරෙන බව ජනාධිපතිවරයා විසින් ප්‍රකාශයට පත්කොට තිබේ.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.