ඉන්දියානු සමාගමකට මාල දිවයින් කොන්ත්‍රාත්තුව අහිමිවේ

අවසාන යාවත්කාලීන කිරීම :  2012 නොවැම්බර් 28 බදාදා - 12:26 GMT
maldives air port

මාලේ ජාත්‍යන්තර ගුවන් තොටුපළ

ඉන්දියානු සමාගමකට දී තිබුන කොන්ත්‍රාත්තුවක් අවලංගු කිරීමට මාල දිවයින් සමූහාන්ඩුව විසින් තීන්දු කරනු ලැබීම ඉන්දීය ආණ්ඩුවේ විවේචනයට ලක් වී ඇත.

ඉන්දියානු සමාගමක් සහ මාල දිවයින අතර ඇතිකරගෙන තිබුන ඇමෙරිකානු ඩොලර් ලක්ෂ ගණනක ගනුදෙනුවෙන් ගිවිස ගෙන තිබුනේ මාලේ ජාත්‍යන්තර ගුවන් තොටුපළ වැඩි දියුණු කිරීමයි.

බැන්ගලෝර් නගරය මූලස්ථාන කරගත් GMR ඉන්දීය ව්‍යාපාරය මාල දිවයිනත් සමඟ ව්‍යාපෘතියට අදාළ ගිවිසුම් අත්සන් කර ඇත්තේ මෙයින් අවුරුදු දෙකකට පෙර.

එහෙත් නෛතික,තාක්ෂණික සහ ආර්ථිකමය හේතූන් ඉදිරිපත් කරමින්,මාල දිවයිනේ වර්තමාන ආණ්ඩුව විසින් එම ගිවිසුම අවලංගු කොට ඇත.

එම පියවර විවේචනයට ලක් කරමින් ඉන්දියානු ආණ්ඩුව කියා සිටින්නේ එවැනි ක්‍රියාමාර්ග තුළින් විදේශීය ආයෝජකයන්ට වැරදි පණිවුඩයක් සැපයෙන බවයි.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.