ඊජිප්තු ජනාධිපතිවරයා විනිසුරුවන් සමඟ සාකච්ඡා අරඹයි

අවසාන යාවත්කාලීන කිරීම :  2012 නොවැම්බර් 26 සඳුදා - 16:49 GMT
Protests in Egypt

පදවිය සඳහා තවත් බලතල පවරා ගනු ලබන්නේ තාවකාලික පදනමකින් යයි ඊජිප්තු ජනාධිපති කාර්යාලය ප්‍රකාශ කරයි

ඊජිප්තු ජනාධිපති මොහමඩ් මොර්සි ඉහළ අධිකරණයේ විනිසකරුවන් සමඟ සාකච්ඡා ආරම්භ කළේය.

ඔහු එම පියවර ගනු ලැබුවේ තමා විසින්ම නිකුත් කරනු ලැබූ ආඥාවක් මගින් අධිබලතල පවරා ගැනීමට පසුගිය සතියේ පියවර ගැනීම මුල්කරගත් දුෂ්කර දේශපාලන අර්බුදය නිරාකරණය කර ගැනීමේ උත්සාහයක් වශයෙන්.

මුස්ලිම් සහෝදරත්වය පක්ෂය - නියෝජනය කරන ජනාධිපතිවරයා විසින් ගනු ලැබූ ක්‍රියාමාර්ගයට එරෙහි කණ්ඩායම් මෙන්ම ඔහුගේ අනුගාමිකයන් ද උද්ඝෝෂණ ව්‍යාපාර කැඳවනු ලැබ තිබියදීයි, ජනාධිපති මොර්සි ජ්‍යෙෂ්ට විනිසකරුවන් මුණ ගැසෙන්නේ.

පදවිය සඳහා තවත් බලතල පවරා ගනු ලබන්නේ තාවකාලික පදනමකින් යයි ඊජිප්තු ජනාධිපති කාර්යාලය මේ අතර ප්‍රකාශ කරයි.

එහෙත් එම පියවර ජනාධිපතිවරයාගේ ප්‍රතිවාදීන් විසින් රට පුරාම විරෝධතා ව්‍යාපාර සංවිධානය කරනු ලැබීමට හේතු විය.

සාකච්ඡා මගින් එළඹෙන එකඟතාවයකදී ජනාධිපති ආඥාවේ බලතල සීමා කෙරෙනු ඇතැයි ඊජිප්තුවේ ඉහළම අධිකරණ මණ්ඩලය විසින් අඟවනු ලැබ තිබේ.

වැඩි තොරතුරු සඳහා

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.