වෝල්-මාර්ට් ඉන්දීය විධායක නිලධාරීන්ගේ රැකියා අත්හිටුවේ

අවසාන යාවත්කාලීන කිරීම :  2012 නොවැම්බර් 23 සිකුරාදා - 13:52 GMT
Wal-Mart

චීනය, බ්‍රසීලය සහ මෙක්සිකෝව යන රටවලද සිදුව ඇතැයි පැවසෙන දූෂණ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වෙන බව වෝල්-මාර්ට් ප්‍රකාශ කරයි

ලෝකයේ විශාලතම සිල්ලර වෙළෙඳ සමාගම වන වෝල්-මාර්ට් (Wal-Mart) ඇමෙරිකානු සමාගමේ ඉන්දියානු අංශයේ විධායක නිලධාරීන් ගණනාවකගේ රැකියා අත්හිටුවා තිබේ.

එවැනි පියවරක් ගනු ලැබ තිබෙන්නේ, ඔවුන්ට එරෙහි අල්ලස් දූෂණ චෝදනා සැලකිල්ලට ගනිමින්.

වෝල්-මාර්ට් සමාගමේ ඉන්දියානු වාණිජ ව්‍යාපාරය වන භාර්ති (Bharti) සමාගම විසින් එම විධායක නිලධාරීන්ගේ රැකියා අත්හිටවන ලද බවයි සමාගමේ ප්‍රකාශකයෙක් කියා සිටියේ.

වෙළෙඳ උවමනාවන් නංවාලීමේ අරමුණින් එම විධායක නිලධාරීන්ට අල්ලස් දී ඇති බවට ඉදිරිපත්ව ඇති චෝදනා සම්බන්ධයෙන් සිදු කෙරෙන පරීක්ෂණයේ ප්‍රතිපල නිකුත් කෙරෙන තෙක්, ඔවුන්ගේ රැකියා අත්හිටවන ලද බවයි සමාගමේ ප්‍රකාශකයා සඳහන් කළේ.

සිල්ලර වෙළෙඳ අංශයේ විදේශීය ආයෝජනවලට දොරටු විවෘත කිරීමේ නව නීති පැනවීමට පසුගියදා ඉන්දීය ආණ්ඩුව පියවර ගනු ලැබීමෙන් පසුවයි, වෝල්-මාර්ට් (Wal-Mart)ඇමෙරිකානු සමාගම ඉන්දියාව තුළ සුපිරි සිල්ලර වෙළෙඳසැල් පිහිටුවීමට පියවර ගත්තේ.

චීනය, බ්‍රසීලය සහ මෙක්සිකෝව යන රටවලද සිදුව ඇතැයි එල්ල වී ඇති ඉහත කී ආකාරයේ චෝදනා සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වෙන බව වෝල්-මාර්ට් ව්‍යාපාරය ප්‍රකාශ කළේය.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.