ඊජිප්තු ජනාධිපති නව බලතල පවරාගැනීමට එරෙහිව උද්ඝෝෂණ

අවසාන යාවත්කාලීන කිරීම :  2012 නොවැම්බර් 23 සිකුරාදා - 17:15 GMT
Demonstrations against President Mursi

ජනාධිපතිවරයාට තවත් බලතල පැවරීම නිසා ජනාධිපතිවරයාට එරහිව අධිකරණය ඉදිරියේ අභියෝග කිරීමේ අවස්ථාව අහිමි වෙන බවයි ප්‍රතිවාදීන් පවසන්නේ

ඊජිප්තු ජනාධිපති මොහමඩ් මොර්සිගේ මුස්ලිම් සහෝදරත්වය පක්ෂයේ කාර්යාලවලට කඩා වැදුන ඔහුගේ ප්‍රතිවාදීහු නගර කිහිපයක එම කාර්යාලවලට ගිනි තැබූහ.

ජනාධිපති මොර්සි, ඊයේ රාත්‍රියේ නව බලතල තමා වෙත පවරා ගැනීම සම්බන්ධයෙන් සහයෝගය පල කරන්නන්ද, ඒ අතර වාරයේ, උද්ඝෝෂණ රැලිවලට සහභාගි වෙමින් සිටි බවයි, ඊජිප්තුවෙන් වාර්තා වන්නේ.

හිටපු ජනාධිපති හොස්නි මුබාරක් තනතුරින් නෙරපා හැරුන මහජන නැගිටීම ආරක්ෂා කර ගැනීම සඳහා එවැනි බලයක් ජනාධිපතිවරයා වෙත පැවරීම තාවකාලිකව ගනු ලබන අවශ්‍ය පියවරක් හැටියට තර්ක කරමිනුයි ජනාධිපති වරයාට සහාය පළ කෙරෙන උද්ඝෝෂණ පැවැත්වෙන්නේ.

එහෙත් ජනාධිපතිවරයාට නව බලතල පැවරීමට එරෙහි ස්වාධීන සහ අනාගමික කණ්ඩායම් පෙන්වා දෙන්නේ, තවත් බලතල පැවරීම නිසා ජනාධිපතිවරයාට එරහිව අධිකරණය ඉදිරියේ අභියෝග කිරීමේ අවස්ථාව අහිමි වෙන බවයි.

එම තත්ත්වය අලුත් ඒකාධිපතිත්වයක් නිර්මාණය කිරීමක් වන බවත් ඔවුහු පෙන්වා දෙති.

ඊජිප්තුවේ ලිබරල්වාදී දේශපාලන සංවිධාන සහ ඉස්ලාමීය කණ්ඩායම් අතර පවතින බෙදීම, එරට සඳහා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කර ගැනීමේ කාර්යයට බාධාවක්වයි පවතින්නේ.

වැඩි තොරතුරු සඳහා

සබැඳි තේමා

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.