යසර් අරපත් ගේ දේහය යලි ගොඩ ගැනේ

අවසාන යාවත්කාලීන කිරීම :  2012 නොවැම්බර් 13 අඟහරුවාදා - 13:23 GMT
Arafat's grave

අරෆත් ගේ පුද්ගලික බඩු බාහිරාදිය තුල විකිරණශීලී පොලෝනියම් හමු වූ බව අනාවරණය වී තිබේ

පලස්තීනයේ හිටපු නායක යසර් අරෆත් ගේ දේහය යලිත් ගොඩ ගැනීමට කටයුතු යොදා තිබේ.

අධිකරණ වෛද්‍ය විශේෂඥයන් විසින් ලබන සතියේදී බටහිර ඉවුරේ රාමල්ලා නගරයේ දී ඔහුගේ දේහය යලිත් ගොඩ ගැනීමට නියමිතයි.

පලස්තීනයේ නායකයා දෙදහස් හතර වසරේ ප්‍රංශයේ රෝහලක දී මියගිය අතර ඔහුගේ පුද්ගලික බඩු බාහිරාදිය තුල විකිරණශීලී පොලෝනියම් හමු වූ බව අනාවරණය වී තිබේ.

ඉන් අනතුරුව ප්‍රංශ බලධාරීහු ඒ පිළිබඳව විමර්ශනයක් ආරම්භ කළහ.

යසර් අරෆත් ගේ මරණයට තමන් ගේ කිසිම සම්බන්ධයක් නැති බවයි ඊශ්‍රායලය පවසන්නේ.

සබැඳි තේමා

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.