සැන්ඩි කුණාටුවෙන් අමෙරිකාවේ පළාත් ගණනාවකට හානි

අවසාන යාවත්කාලීන කිරීම :  2012 ඔක්තෝබර් 30 අඟහරුවාදා - 17:03 GMT
Imapct of Sandy

සැන්ඩි නම් වූ මේ සුළි සුළඟ හේතුවෙන් ගිනි ගැනීම් හට ගෙන තිබෙන අතර ජාල ගැලීම් ද ඇතිව තිබේ

ඇමෙරිකා එක්සත් ජනපදයට මේ තාක් එල්ල වූ දැවැන්තතම සුළි සුළග නිව්යෝර්ක් ඇතුළු පළාත් ගණනාවක් සිසාරා හමා යමින් තිබේ.

සැන්ඩි නම් වූ මේ සුළි සුළඟ හේතුවෙන් ගිනි ගැනීම් හට ගෙන තිබෙන අතර ජාල ගැලීම් ද ඇතිව තිබේ.

මීටර් හතරක් තරම් උසට ජල කඳ නැග ඒමත් සමග පළාත් ගණනාවක ගමනා ගමනය ඇන හිට තිබෙන අතර පොදු ගමනා ගමන සේවා ආරම්භ වීම සඳහා තවත් දින ගණනාවක් ගත විය හැකි බව නිව්යෝර්ක් ප්‍රවාහන අධිකාරියේ ප්‍රධානියා කියා සිටියේය.

නැගෙනහිර මුහුදු බඩ කලාපයට ඉතා දැඩි ලෙස මෙම සුළි සුළඟ බලපෑ ඇති අතර කෝච්චි පෙට්ටි රේල් පීලි වලින් ඉවතට විසි වී තිබේ.

නිව්ජර්සි පළාතේ තෙල් පිරිපහදු ගණනාවක්ම නිෂ්පාදන කටයුතු නතර කොට තිබේ.

කැරිබියන් කලාපෙයේ දී මෙම කුණාටුව හේතුවෙන් හැට දෙනෙක් මිය ගොස් ඇති අතර වියට්නාමයේ ඇතිවූ සුළි සුළග හේතුවෙන් දහස් ගණනකට උන් හිටි තැන අහිමි වී තිබේ.

දකුණු චීන මුහුදු ප්‍රදේශයේත් සැඩ සුළං සහ වැසි හට ගෙන ඇත.

වැඩි තොරතුරු සඳහා

සබැඳි තේමා

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.