චීන අගමැති පවුලේ වත්කම් ප්‍රසිද්ධියට පත්වීම වැළැක්වීමේ උත්සාහයක්

අවසාන යාවත්කාලීන කිරීම :  2012 ඔක්තෝබර් 26 සිකුරාදා - 12:24 GMT
China PM Wen Jiabao (file photo)

එම වාර්තාව තම රටට මඩ ගැසීමේ අවශ්‍යතාව මත සැඟවුණු අරමුණින් ප්‍රසිද්ධියට පත්කොට ඇති එකක් වන බවයි බලධාරීන් පවසන්නේ

නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත අන්තර්ජාලය ඔස්සේ කියවීම චීනය තුළ අවහිර කොට තිබේ.

එවැනි පියවරක් ගෙන තිබෙන්නේ චීන අගමැති වෙන් ජියාබාඕගේ (Wen Jiabao) නෑදෑයන් විසින් එක්රැස් කරනු ලැබ ඇති අතිවිශාල වස්තුසම්භාරය සම්බන්ධයෙන් සිදුකෙරුන පුළුල් විමර්ශනයක තොරතුරු නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතේ පළ වීමෙන් අනතුරුවයි.

පුවත්පතේ පළ කෙරුන තොරතුරු සම්බන්ධයෙන් ප්‍රතිචාරය දක්වමින් චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශකයෙක් කියා සිටියේ, එකී වාර්තාව තම රටට මඩ ගැසීමේ අවශ්‍යතාව මත සැඟවුණු අරමුණින් ප්‍රසිද්ධියට පත්කොට ඇති එකක් වන බවයි.

අගමැති වෙන් ජියාබාඕ සහ ඔහුගේ නෑදෑයන්ට අදාළ තොරතුරු ඇතුළත් සියළුම මූලාශ්‍ර කරා පිවිසිය හැකි ජනප්‍රිය බ්ලොග් අඩවිවලට පිවිසීමේ පහසුකම්වලටද චීනය තුළ අවහිර කරනු ලැබයි තිබෙන්නේ.

අගමැති වෙන් ජියාබාඕගේ නෑදෑයන් අත පාලනය කෙරෙන ධන සම්භාරය ඩොලර් කෝටි දෙසිය හැත්තෑවකටත් වඩා අධික බවට සාක්ෂි තමන් අත ඇති බවයි නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත කියා සිටින්නේ.

අගමැති වරයාගේ බිරිඳ, පුත්‍රයා පමණක් නොව ඉතා දුර නෑදෑයන් පවා, ඔහු චීනයේ පාලක කොමියුනිස්ට් පක්ෂයේ මුදුන් පෙත්තේ තනතුරකට පත්වීමෙන් අනතුරුව මහා ධනයක් එක්රැස් කර ගෙන ඇති බවයි ඇමෙරිකාවේ පළ කෙරෙන නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත පවසන්නේ.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.