බුරුමයේ ගැටුම් නිසා ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙල අනතුරේ - එක්සත් ජාතීන්

අවසාන යාවත්කාලීන කිරීම :  2012 ඔක්තෝබර් 26 සිකුරාදා - 12:45 GMT
Violence in Burma

පහරදීම් සහ අන්තවාදී ප්‍රකාශන නිසා බුරුමයේ සමාජමය විවිධත්වය විනාශ කෙරෙන බව මහ ලේකම්වරයා පවසයි

බටහිර බුරුමයේ සිදුවෙමින් පවතින ජනවාර්ගික ඝාතන රැල්ල හේතුවෙන් එරට ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙල දැඩි තර්ජනයකට ලක්ව ඇති බවට එක්සත් ජාතීන්ගේ සංවිධානය අනතුරු ඇඟවීමක් කරයි.

බටහිර රකින් (Rakhine) ප්‍රාන්තයේ බෞද්ධ සහ මුස්ලිම් ගැටුම්වලින් මේ සතිය ඇතුළත පමණක් සීයකට අධික ජීවිත විනාශයක් සිදුව ඇති බවයි, එම ප්‍රාන්තයේ සිටින බුරුම ආණ්ඩුවේ නිලධාරියෙක් පවසන්නේ.

බුරුම ආණ්ඩුව රකින් පළාතේ වෙසෙන රෝහින්ග්‍යා (Rohingya) මුස්ලිම් ප්‍රජාව තම රටවැසියන් හැටියට පිළිගන්නේ නැහැ.

පළාතේ නීතිය සහ සාමය ස්ථාපිත කිරීමෙහිලා යත්න දරන බුරුම ආරක්ෂක හමුදා ප්‍රචණ්ඩ ගැටුම් දරුණු අතට හැරී පවතින උප නගර හයකදී වෙඩි තැබීම් සිදුකර ඇති බවක් ද මේ අතර වාර්තා විය.

එක්සත් ජාතීන්ගේ මහලේකම් බැන්කි මූන්ගේ කාර්යාලය මගින් නිකුත් කෙරුන වාර්තාවකින් පැවසෙන්නේ, නීතිය කඩකරමින් එල්ල කෙරෙන පහරදීම් සහ අන්තවාදී ප්‍රකාශන නිසා බුරුමයේ සමාජමය විවිධත්වය විනාශ කෙරෙන අතරම, මෑතදී දියත් කෙරුන දේශපාලන ප්‍රතිසංස්කරණ වැඩ පිළිවෙල අගාධයට පත්වීමේ අනතුරක් ඇති බවයි.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.