ජනප්‍රිය බීබීසී සම්පාදකයකුට ළමා ලිංගික අපචාර චෝදනා

අවසාන යාවත්කාලීන කිරීම :  2012 ඔක්තෝබර් 22 සඳුදා - 13:26 GMT
Jimmy Savile

ළමා ලිංගික අපචාර සම්බන්ධයෙන් ජිමී සැවිල්ට එල්ල වී ඇති චෝදනා පිළිබඳවයි ප්‍රචාරය නොකෙරුණ නිව්ස් නයිට් විශේෂාංගයට ඇතුලත් වූයේ

බීබීසීයේ හිටපු වැඩසටහන් ඉදිරිපත් කරන්නකු වූ ජිමී සැවිල් (Jimmy Savile) සම්බන්ධයෙන් මතභේදයකට තුඩු දී ඇති වාර්තාවක් ප්‍රචාරය කිරීමෙන් වැළකීම පිළිබඳව විභාගයක් පැවැත්වෙන අතරවාරයේ නිව්ස් නයිට් (Newsnight) කාලීන තොරතුරු විශේෂාංගයේ සංස්කාරකවරයා වැඩසටහන් සම්පාදනයෙන් ඉවත් කර තැබීමට බීබීසීය පියවර ගෙන තිබේ.

බීබීසී යේ ඉතාම ජනප්‍රිය විශේෂාංගයක් වන නිව්ස් නයිට් සංස්කාරක පීටර් රිපන් (Peter Rippon), ජිමී සැවිල් පිලිබඳ වාර්තාවක් ප්‍රචාරය නොකිරීම ගැන නිවැරදි සහ සම්පූර්ණ පැහැදිළි කිරීමක් කර නැති හෙයින් ඔහු වැඩ සටහන් නිෂ්පාදනයෙන් ඉවත් කරන බවයි, බීබීසී නිවේදනයකින් පැවසෙන්නේ.

ප්‍රචාරය නොකෙරුණ නිව්ස් නයිට් විශේෂාංගයට ඇතුලත් වුනේ ළමා ලිංගික අපචාර සම්බන්ධයෙන් ජිමී සැවිල්ට එල්ල වී ඇති චෝදනා පිළිබඳව.

බීබීසීය මගින් එම විශේෂාංගය ප්‍රචාරය නොවීමෙන් අනතුරුව වෙනත් බ්‍රිතාන්‍ය රුපවාහිනී ජාලයක් ඔස්සේ ජිමී සැවිල්ට එරෙහිව ඉදිරිපත්ව ඇති ළමා ලිංගික චෝදනා පිළිබඳව ප්‍රචාරය කෙරින.

ජිමී සැවිල්ට එරෙහි ළමා අපචාර චෝදනා සම්බන්ධයෙන් මේ වනවිට පොලිස් පරීක්ෂණයක් ආරම්භ කොට තිබේ.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.